IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි, තිලකරත්න දිසානයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් කරවල ව්‍යාපාරිකයකු මරණයට පත්වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.

මිනුවන්ගොඩ පාසලක් අසලදි සිදු වූ මෙම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ මානික්කුගේ සජිත් උදයංග රෝහන තිලක නොහොත් ටොක්කා නැමති තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අංක  ගල්ලොලුව‍, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගත් බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කුඩා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  ටී - 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

බරපතල තුවාල ලබා සිටි ඔහු  මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඒ වන විට මරණයට පත්වී ඇතැයි වෛද්‍යවරුන් හෙළිකර තිබේ. 

---------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක)

මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පදිංචිව සිටි සජිත් සදරුවන් උදයංග නැමැත්තෙකි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

119 යතුරුපැදී සංචාරයේ නිරත නිලධාරීන් දෙදෙනා එම ස්ථානය කරා පිටත්ව ගොස් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මිනුවන්ගොඩ ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

යෝගා Friday, 07 February 2025 02:20 PM

මාලිමා නියෝජ්‍ය ඇමැතියා කිව්වා නේද පාතාලය නැති කරන හැටි ගැන ටියුෂන් දෙන්න වුණත් පුළුවන් කියලා. දැන් ඔය මිනිහා ඉන්නේ ඇඳ යටද?

:       8       28

රනේ Friday, 07 February 2025 03:04 PM

ටියුශන් එකේ තවම තියරි හරිය කරන්නෙ යෝගා. ප්‍රායෝගික ටික පටන්ගන්නකන් ඉන්නකෝ අනේ ඉවසීමෙන්..

:       9       15

ගුණරත්න Saturday, 08 February 2025 11:35 AM

දැන් හැමදාම වගේ වෙඩිතබා මිනී මරණ සිදුවීම් අහන්න ලැබෙනවා. පොකුරු පිටින් මිනී මරනවා. රජයේ පොලිස් නිලධාරීන් මදි කියලා ප්‍රභූ ආරක්‍ෂක භටයින් සාමාන්‍ය රාජකාරී වලට දමලාත් අපරාධ අඩුවක් නැහැ. රජය බුදිද? නැත්නම් අපි නීතිය අතට ගන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site