ඇල්පිටියේ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 12 September 2024
මන්නාරම විනිසුරුට අපහාස කළ බස් රියදුරු රිමාන්ඩ් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරකු ඇතුළු තිදෙනකු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. 12 September 2024
ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 12 September 2024
බලන්ගොඩ රා තැබෑරුම කෝටි දෙකකට වෙන්දේසි වෙයි බලන්ගොඩ නගරයේ ඇති රා තැබැරුම 2025 වසර සදහා දෙකෝටි විසිඑක් ලක්ෂයකට අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී ටෙන්ඩර් වු බව බලන්ගොඩ ප්‍රදේශිය මහ ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවැසුවා. 12 September 2024
ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්ර භාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද අවසන්කරනු ලැබීය. 12 September 2024
වී කුරුල්ලන් ළඟ තබාගත්තැයි දඩ වී කුරුල්ලන් 79 ක් කූඩු කර විකිණීමේ ව්‍යාපාරයක් සිදු කලේ යැයි පැවසෙන පුද්ගලයකුට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් විසි දහසක දඩයක් ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය පසුගිය නියෝග කළාය. 12 September 2024
‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘ මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත බුදුදහම සුරකිමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදෙමින් මේ අසීරු අවස්ථාවේ රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහාසංඝරත්නය හමුවේ පැවසීය. 12 September 2024
ඡන්දෙ දා හදිසි ආපදාවලට සූදානමින් ඉන්න ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපදා ඇති වූ හොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඔරු අගුල් බැකෝ යන්ත්‍ර යනාදි දෑ සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියළුම තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇත. 12 September 2024
මාස හයට අ‘පුරේ ළමා අපයෝජන පැමිණිලි 491ක් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 491 ලැබි ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා පවසයි. 12 September 2024
ඉතාලියට පනින්න ගිය සිරියානුවෝ 7ක් ගුවන් තොටේදී මාට්ටු කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවරට පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු අද(12) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 12 September 2024
ඡන්ද ගණින තැන්වලට එස්.ටී.එෆ් ආරක්ෂාව රට පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. 12 September 2024
අලියාගේ ගැටුණු සැරයන් රෝහලේ සිය නිවසේ සිට යතුරු පැදියෙන් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මිහින්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි වන අලියෙකුගේ ගැටි බරපතල තුවාල ලැබිමෙන් පසු අද (12) රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි. 12 September 2024
තැපැල් ඡන්දය අදින් අවසන් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය කිරීමට දුන් කාලය අදින් අවසන් විය. 12 September 2024
සම්මුඛ පරීක්ෂණ සඳහා ගණිත ගැටලුවක් හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගන්නා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ගණිත ගැටලුවක් යැයි පවසමින් එම විශ්ව විද්‍යාලයේ ලාංඡනය සහිත කොළ කැබැල්ලක ලියූ ගණිත ගැටලුවක් සහිත ඡායාරූපයකට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ නැවත වරක් විශාල අවධානයක් හිමිව ඇත. 12 September 2024
ඔන්ලයින් දුම්රිය ආසන ‘මාෆියාවක්’ දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති. 12 September 2024
මහව දුම්රිය මාර්ගය විවෘතය අත්හිටුවයි මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ (12) කඩිමුඩියේ ආරම්භ කිරීමට සූදානම් කර තිබුනත් එය අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු පියවර ගත්හ. 12 September 2024
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 12 September 2024
වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘ 2024 වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. 12 September 2024
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 September 2024
තඹුත්තේගම ඕඅයිසී නොකියාම යන්න ගිහින් තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 12 September 2024
විස ආලේපන සොයා මිනුවන්ගොඩ පීරයි මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියත් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදු කළ වැටලීම්වලදී කල් ඉකුත් වු ආලේපන , ආනයනික විස්තර අඩංගු නොවන අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සදහන් කරයි. 11 September 2024
නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක්:දරුවෙක් තුවාල ලබයි ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි. 11 September 2024
කෙහෙලිය ඇතුළු තිදෙනකුට ඇප බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් මාස 08ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් තිදෙනකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (11) නියම කළාය. 11 September 2024
හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11) ගොනු කළාය. 11 September 2024
ව්‍යාපාරික වීසා අත්හිටුවීමෙන් ජාතික ආර්ථිකය අවදානමක කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවත් එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 September 2024
අවම වේතන පනතට කතානායක සහතිකය සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය. 11 September 2024
දිඹුලාගල සෙල් ලිපියේ වංහුං එළියට ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමු වූ ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපිය වසර 2,200ක් පමණ පැරණි බවට අනුමාන කෙරෙන සාක්කි ලැබී ඇතැයි ඒ පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ නායක මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරචිචි මහතා සඳහන් කරයි. 11 September 2024
දරුවන් ඡන්ද වැඩට එපා දරුවන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි. 11 September 2024
ලක්ෂ 25ක ඖෂධ කටුනායකින් අල්ලයි රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 11 September 2024
කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය. 11 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026