
(සුජිත් හේවාජුලිගේ)
ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
එම බංගලා තක්සේරු කිරීම අවසන් අදියරට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම බංගලා සම්බන්ධයෙන් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත්ව ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම යෝජනා අතරින් වඩාත්ම හොඳ යෝජනාවට ප්‍රමුඛත්වය ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
අැමැති බංගලා ආර්ථික වශයෙන් ඵලදායි කටයුත්තකට යොදා ගැනීම රජයේ අරමුණ බවද අබේරත්න මහතා කීවේය.
ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබා දෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වනඑම අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ එ් ඉල්ලීම සම්බන්ධයෙන්ද කරුණු සලකා බලාගෙන යන බවයි.
ඇමැතිවරුන් වෙනුවෙන් වෙන් කරුණු බංගලා තිස්පහක් කොළඔ පවතී.
වර්තමාන රජයේ ඇමතිවරුන්ට ඇමැති බංගලා ලබා නොදීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලා තක්සේරු වාර්තාව කැබිනට්ටුවට