
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි සංචාරය කළේය.
ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.
ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ දකුණූ පළාත් නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සමග පරිශ්‍රය නිරීක්ෂණය කරමින් කරුණු අධ්‍යයනය කළ අමාත්‍යවරයා පෞරාණික වටිනාකමකින් මෙන්ම ඓතිහාසික උරුමයකින් ද යුක්ත වූ ශ්‍රී ලංකා තැපෑලට අයත් ඉතා වටිනා ගොඩනැගිල්ලක් මෙලෙස ගරාවැටීමට ඉඩ දී බලා සිටීම මවිතයට කරුණක් බව පැවසීය.
ගරා වැටී පවතින එම පරිශ්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම පරීශ්‍රය ඵලදායී කාර්යයකට යොදවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ තැපෑලට සුවිශේෂි අගයක්, වටිනාකමක් පමණක් නොව සුවිශාල ආදායමක් උපයා ගැනීමට සුදුසු පරිශ්‍රයක් බව පෙන්වා දුන්නේය.
ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බයිලයි සවාරියි නවත්වල වැඩක් කරන්න හරි බැලුවොත් නරකද?
රටවටෙයි ලෝකෙ වටෙයි තමයි..
වජිර දන්නවද දන්නේ නැහැ... මෙහෙම එකක් තියනවා කියලා... මොකද 1977 ඉඳන්ම ඇමැතිනේ ගාල්ලේ..
ඕකට වග කියන්න ඕනේ පුරාවිද්‍යා එක. කිසිම රෙපෙයාර් එකක් කරන්න දෙන් නෑ. කෞතුක උරුම කියලා. මොකක් හරි රෙපෙයාර් එකක් බලෙන් හරි කලොත් නඩු දානවා. ගාල්ලේ කොටුවේ ඇතුලේ තියෙන සෑහෙන ගෙවල් එහෙමයි.
පෞරානික වටනාකමක් ඇති ස්ථානයක්. ඒ වගේම පැරනි විදියටම හදල අරගෙන තැපැල් කන්තෝරවම හදල ගත්ත නං විදේශිකයන් තව තවත් ආකර්ෂනය කර ගන්න පුලුවන්.
ඉතිහාසගත වටිනාකමකින් යුත් මේ ගොඩනැඟිලි අලුත්වැඩියා කළ නොහැකි තරම් විනාශ කිරීමට ඉඩ හැරීම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි. ප්‍රමාද වුවත්, මෙම ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත් කළ හැකි යැයි මම විශ්වාස කරමි.