
(බී.ජී. චතුරංග )
'මන්නා පිහි', 'කිනිසි' අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබා බිය ගන්වා , ආයතනයේ ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි මුදල් අයකැමි ලෙස සේවය කල, ඇටවීරගොල්ලෑව , ඇතාකඩ, මැදවච්චිය ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු කල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
අනුරාධපුර දහයියාගම හන්දියේ සිට පුබුදුපුර මාර්ගයේ පිහිටා ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානයට මන්නා පිහි, කිනිසි අතැතිව ඇතුළු වී ඇති පුද්ගලයන් හතරදෙනෙකු මෙම කොල්ලකෑම සිදු කර තිබේ.
මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වූ කොල්ලකරුවන් සිව්දෙනා, මුදල් අය කැමිගේ ලාච්චුවේ තිබූ සහ කාන්තාවන් සිව් දෙනකුගේ, මුදල් රුපියල් 577000ක්, රුපියල් 350,000 ක් වටිනා රන්මාල දෙකක්, රන් පවුම සහ රන් මුදුවක් කොල්ලකා පලා ගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 10ක්... හොඳ බිස්නස් එකක්...