
(යොහාන් භාසුර)
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙනාමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (3) පැැවසීය.
සාගර කාරියවසම් මහතා, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (3) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ත්‍රස්තවාද සංවිධානයක් සමඟ ගැටෙනවා කියන කාරණය සරළ දෙයක් නොවන බවත් ඉන්දිරා ගාන්ධී සික් ත්‍රස්තවාදි සංවිධානයකට එරෙහිව කටයුතු කර ඊට වසර කිහිපයකට පසුව එතුමියගේ ලඟ හිටි සික් ජාතික ආරක්ෂක සෙබලකු ලවා එතුමියව ඝාතණය කළ බවත් ඒ මහතා කීය.
ත්‍රස්තවාදි සංවිධාන පළිගන්නේ දීර්ඝ කාලයක් තරහව හිතේ තියාගෙන බව කී කාරියවසම් මහතා පැවසුවේ දැනටත් බුද්ධි අංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජිවිත තර්ජනයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට බවත්ය.
එතුමාව ආරක්ෂා නොකර මින් ඉදිරියට එවැනි තත්වයක් ඇතිවු විට ඉදිරියේ පත්වන කිසිම නායකයෙක් රට වෙනුවෙන් තීන්දු සහ අභියෝග භාරනොගන්නා ත්වයක් ඇතිවිය හැකි බව ද ඒ මහතා කීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට දී තිබෙන නිල නිවස ප්‍රකාශ කරන වටිනාකම් සමඟ බැලුවොත් ඊට වඩා වැඩි අගයක් ගන්නා බවත් එතුමා ඒ සම්බන්ධයෙන් පළමුවෙන්ම තීරණයක් නොන්නේ ඇයිදැයි ගැටලුවක්මතුවන බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතාට මහනිද් රාජපක්‍ෂ මහතා පමණක් ප්‍රශ්නයක් වීම මත එය සම්පූර්ණයෙන්ම කුහකකම සහ පළිගැනීමක් බව ක කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට තමයි තර්ජන තියෙන්නෙ.
මහින්ද මහතාව රැකීම ජාතික වගකීමක් මිසක් නිවට නියාලු දේශපාලන තීන්දුවක් නොවේ..අද මොවුන් උතුරට ගිහින් කටමැත දොඩවලා එන්නෙත් ,චීනෙට තියෙන තියෙන එක විකුණන්නෙත්, සැප පහසු ඇතිව අධිවේගී මාර්ගවල යන්නෙත් මහින්ද මහතා නිසා.කිසිම වගකීමක් නැති තණතුරට නොගැළපෙන කතා කිය කියා අනවශ්‍ය තීරණ අරගෙන මහින්ද මහතාගෙ ජීවිතයට තර්ජනයක් වුවහොත් රටම කැළඹෙන්නෙ පක්ෂ භේදයක් නැතිව.ඒක කවුරුත් හිතට ගැනීම වැදගත්.
එහෙමනං මහින්දට මොකක් හරි හමුදා කඳවුරක පොඩි ගේ කැල්ලක් හදල එකේ පදිංචි කරමු
මැසි මදුරුවන් ගෙන්ද කොල්ලෝ
මොකද්ද මේ නිමක් නැති අදෝනාව ?
අපූරුවට උන්නු මහින්ද මහත්තයා විනාස කලේ සාගර වගේ උන් තමයි.
ඒක නම් ඇත්ත ගෝනෝ මොකද මහින්දගේ පවුලේ අයතරම් දූශිත වැඩ කෙරුවේ නැහැ කිසි නායකයෙක් මහින්දට බය තියෙන්නේ ආරක්ෂාව නැති වුනොත් පවුලට මැරුම් කන්න වෙන එක රජ්ජුරුවෝ වගේ හිටියා රජපැටව් වගේ ජීවත් වුණා. මිනීමැරුම් මන්කොල්ල නිධන් හාරපුවා පගාව මොනවද නොකලේ..? ත්‍රස්ත වාදීන්ගෙන් කිසිම තර්ජනයක් නැහැ තියෙන්නේ ගනුදෙණු කරපු කට්ටියගෙන් පුතාලාට බිරිඳට සහෝදරයින්ට එක රැයින් යන්න වෙනවා... මේ නඩේගෙන් අහන්න කැමැති මහින්දගේ ආරක්ෂාව ගැන කතා කරන්න මාත් එක්ක එන්න කියලා...
අකෘතඥ මිනිස්සු කියන්නේ කවුද කියල බලාගන්න.
මාධ්‍යයට ප්‍රකාශ නොකර තර්ජන ඇත්තේ කොහේද කියා සවිස්තරාත්මකව අදාළ අංශවලට පැමිණිලි කරන්න. ඔබලා එසේ නොකර තවමත් එතුමාගේ නම විකුණගෙන දේශපාලනය කරන්නයි මේ දඟලන්නේ.
ඔව් ඔව්, ස්වාභාවික මරණයෙන්…!
විජේරාම නිවසයි, ඉඩම ඇතුළතයි ගොඩාක් හොර බඩු හංගලා නැහැලු. කොටින්ගේ රත්තරං, කුඩු කන්ටේනර් සහ ඩොලර් එහෙම චුට්ටක්වත් ඔය ඉඩමේ හංගලා නෑ.
මාරයාගෙන් ද බන්...?
මැරිච්ච මිනිස්සු මරන්නේ නෑ..
අපිටත් සෑහෙන්ඩ ජීවිත තර්ජන තිබුනේ මහින්දයා ගෙන්.සුදුවෑන් ගාතන අතුරුදහන් කරවපු ,කැළෑ නීතිය රජ කරපු කාලේ.යුක්තිය නීතිය සාදරනය විනාශ කරලා අදිකරණය පවා දේසපාලණීකරණය කරලා තිබුනේ?
මාරයගෙන්ද?
මේ වගේ පිස්සෝද බැසිල් ගෙනාවේ? මුන් තමා පක්ෂය 3%ට බැස්සුවේ!
මහින්ද මරන්න දෙයක් තව නැ පුත්තු තුන් දෙනයි හත්මුතු පරම්පරාවෙ නෑයො ටිකයි නිසා මහින්ද මැරිල ගොඩක් කල්. උදාහරන විදිහට ඩේසි ආච්චිගෙ මැනික් මල්ලෙ කතා වස්තුව, සුනාමි සල්ලි, මස්සිනා, සිරන්තිගෙ මල්ලි , එයාලංකා එක විනාස කරපු එක, සුප්‍රීම් සැට්, රොකට් එක, මෙකී නොකී දේවල් නිසා එයා ඡනතාවගෙ හිත්වල දැන් නෑ
බොරු ජීවිත තර්ජන තියෙන බව පෙන්වන්නේ ඉන්න තැන වෙනස් නොකොට ජීවිතයේ ඉතිරි කාලයත් සැපට ඉන්න.
දැන් ඔය දීල තියෙන ඉන්දියාවේ උදාහරණ කෝණයෙන් බැලුවොත්, ආරක්ෂාවට වැඩි පිරිසක් තියා, එක්කෙනෙක්වත් තියන එකත් ප්‍රශ්ණයක්? මොකද ඒ එක්කෙනෙක්ගෙන්, ඉන්ධිරා ගාන්ධිට වගේම හිටපු ජනපතිතුමාට ජිවිත අවදානමක් ඇතිවුනොත්, මොන දෙවියන්ට කියන්නද? මොනවහරි වුණාට පස්සෙ, "ජීවිතං අනියතං - මරණං නියතං" කියල වැඩක් නෑනෙ...
අහස් කුරුක්වත් උඩට තියලා පත්තු නොකරපු මිනිහෙක් වීරයෙක් කරන්න හදනවා.
මහින්දගෙ විතරක් නෙවේ ඔය වයසෙ හැම කෙනාටම ඔය ප්‍රශ්නෙ තියනවා මොනව කරන්නද. රෝහල තමයි ඉතින් පිහිටට තියෙන්නෙ
සාගර ඔයා දන්නවද මට තියෙන තර්ජන කියනකොට හොඳට හොයලා බලලා කියන්න
ගාඩ් එක නැතුව තක්කඩි රාජපක්ෂ පවුලේ එක්කෙනෙක් හරි පාරට බැස්සොත් මිනිස්සු ඔක්කොම එවුන්ගේ මුහුණට කැල ගහනවා. ඒවට බයෙයි, ගාඩ් එක නැති කරන්න එපාලු.
ඔච්චර තර්ජනයක් තියෙනවනම් නඩු අහලා මහින්දව විදුලි පුටුවට හරි වැලිකඩ යවලා එල්ලලා මරනකම් වැලිසර නාවික හමුදා කඳවුරේ නවත්තන්න
ඉතිරි කාලය සඳහා පිටතට නොගොස් ආරක්ෂකයින් 60 දෙනෙකුගෙන් ආරක්ෂා කිරීමට පහසු කුඩා නිවසක ජීවත් වීම වඩා හොඳය.
රට කාබාසියා කළ හොර හැතිකරේට කුමට ආරක්ෂාව සපයනවාද?
ඔයාලා රට වෙනුවෙන් වැඩක් කළේ නැති නිසා මේන හොඳ මාතෘකාවක් ඉදිරියේ දී එන ඡන්ද ටික වැඩි කරගන්න. නැත්නම් ඉතිං ගිහින් නඩුවක් දාන්නකෝ. නඩුවක් දාලා සාධාරණ තර්ජනයක් තියෙනවා නම් ආරක්ශාව වැඩි කරන්න. ඔයාලා කාපු කෑම නැතුව දැන් පිස්සු හැඳිලා ඉන්නේ. රට වෙනුවෙන් වැඩක් කරලා ඡන්ද ගන්න බලන්න මෙයා. හැමදාම නිකන් දොඩවලා ඡන්ද වැඩිකරගන්න බලන්නේ නැතිව.
මම දන්න තරමින් නං මේ රටේ ලොකුම ජීවිත තර්ජනේ තියෙන්නේ කුකුල්ලුන්ට.
සාගර, වජිර වගේ කාලකන්නි ඉනන්කම් මේ අදෝනාව ඉවරයක් නැතිවෙයි.
අනේ ඔය මනුස්සයාට පාඩුවේ ඉන්න දීපල්ලකෝ. තව දුක් දෙන්නේ නැතුව. කොහෙන්ද කියන්නකෝ තර්ජන.