
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන ‘සමස්ත ක්‍රියාකාරී දර්ශකය’ පසුගිය දෙසැම්බර් මස දර්ශනාංක 51.4 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම දර්ශනය ඉහළ අගයක් ප්‍රදර්ශනය කළ ද ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් මහා පරිමාණයේ ඉදිකිරීම් ව්‍යාපෘති අවශ්‍ය බව එම දර්ශකයට ප්‍රතිචාර දැක්වූවන් පවසන බව ද මහ බැංකුව කීය.
හිතකර කාලගුණ තත්වය පිළිබඳව අපේක්‍ෂාව හේතුවෙන් ඉදිරි මාස තුනේ ඉදිකිරීම් කටයුතු සඳහා වන ඉදිරි දැක්ම ධනාත්මකව පවතින බවත් ඉදිරි අයවැය හරහා රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සැළසුම් හදුනාගැනීමට හැකිවනු ඇතැයි ඉදිකිරීම් ආයතන අපේක්‍ෂා කරන බවත් මහ බැංකුව කියයි.
දෙසැම්බර් මාසයේ අනුමත කළ ඉදිකිරීම් ව්‍යාපෘති සංඛ්‍යාව පෙර මාසයට සමාන මට්ටමක පැවැති බව පෙන්නුම් කරමින් නව ඇනවුම් දර්ශකය කඩයිම් මට්ටමක පැවැති බවත් සේවා නියුක්ති දර්ශකය දෙසැම්බර් මාසයේදී අඩු වේගයකින් වුවද තව දුරටත් පහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉදිරිකිරීම් කටයුතුවල වර්ධනය හා සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ඉහළ ගොස් ඇති බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දෙසැම්බර් මාසයේ ඉහළ මටට්මක පැවැති බව ද සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉදිකිරීමේ කර්මාන්තයේ පැහැදිළි වර්ධනයක්