
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි )
ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය විය.
මෙම සිද්ධිය පිළිබඳව හෙළි වීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මවුලර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්මාපලගම යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය.
වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවු මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ
.023 වසරේ මෙම ගබඩාවට ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍ය වලින් යම්කිසි ප්‍රමාණයක් ඒ ඒ අවස්ථාවන්හිදී පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දීමට පියවර ගෙන ඇතැයිද පාසල් නිවාඩු කාලය එළඹීමෙන් පසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම වැළකී ඇති බවද මෙහිදී නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් පරිප්පු සහ රට ඉඳි කිලෝ මෙට්‍රික් ටොන් 1556 ක් මේ වන විට ගබඩාවේ පවතින බව නියෝජ්‍ය ඇමතිවරයා හා මන්ත්‍රීවරයා ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගනු ලැබීය.
ෙමෙම ආහාර තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීමටද නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි විනාශයන්ට වගකිව යුත්තේ දේශපාලු හෙංචයියලාද? නැතිනම් දේශපාලුවන්ගේ අතකොලු වී සිටින නිලධාරීන් යයි කියාගන්නා කොටසද?
මොනතරම් අපරාධයක්ද ඉතින්... රට බංකොලොත් වෙන එක කියන්න ඕනෑයැ...
මේ සඳහා වගකිව යුතු නිලධාරීන් කව්රුන්ද? මෙතරම් අය බඩගින්නේ ඉන්න රටක මෙවැනි නිලධාරීන්ගෙන් ඇති වැඩේ කුමක්ද?
මේවා බාරව හිටි අයට හෙන ගහන්න ඕනෑ නේද?
දැන් එතකොට එච්චරයිද මේ අපරාධයට වගකිවයුතු කෙනෙක් නැතිද? එයාට දඬුවමක් නැතිද? නැතිනම් ඉස්සරහටත් මේ විදිහට කරගෙන යනවාද?
මේ වටිනාකම මෙකී නිලධාරින්ගෙන් ලබාගත යුතුයි. පාසල් නිවාඩු ලැබුණත් එක් දිනක් සඳහා ළමුන් ගෙන්වාගත හැකියාව තිබුණත් එහෙමත් නැතිනම් ලොකුපුටු අරක්ගත් අයට විකල්ප ක්‍රමවේදයක් යෙදීම හෝ ඉඳලා හිටලා උපදෙස් පතන්න තිබුණා.
පුරුෂ ශක්තිය වඩන රටඉඳි ටික වහාම හරිනිට යවන්න...!
වේයන්ගොඩක තිබ්බාම එහෙම වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙද?
මෙයට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කොට දැඩි දඬුවම් ලබා දිය යුතුයි
පව් අහිංසක බල්ලොයි පූසොයි... අන්තිමට බැනුම් ඇහැව්වේ කොහෙවත් ඉන්න අහිංසකයෝ