
(යොහාන් භාසුර)
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත් කර තිබේ.
වරායේ ගොඩගැසුණු කන්ටේනර් නිෂ්කාශනය නොකිරීම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද අදාල යන්න කමිටුව සොයා බැලීමට නියමිතය.
ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂණයට ලක් නොකර නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්වය පිළිබඳව ද එම කමිටුව විමර්ශනය කිරීම ද එම කමිටුවට භාරවී තිබේ.
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එහි සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරු කටයුතු කරති.
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය විශාඛා ඇලපාත මහත්මිය කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව කුලප්පු කරවන චිවරධාරියෙක් බලන්ගොඩ පළාතේ ඉන්නවා. කොමිටියට එයාවත් දාගත්තා නම් හොඳයි...
දෙයියෝ දනී. මං නොදනී කොමිටි වාර්තාව එනකං ඉවසමුකෝ...