
(ජේ.ඉඳුරුවගේ )
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
ඒ අනුව, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න මහතා සබරගමුව පළාතට භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.
සුභසාධන දිසාව භාර රාජකාරි ඉටුකිරීමේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ජේ. පද්මිණි මහත්මිය කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරු කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd