
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සංචාරය කළේ සිය නිල මෝටර් රථයෙන් බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් භාවිත කළැයි පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ යැයිද එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නැතැයිද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එෆ්බී පොස්ට් වලටත් ඔහොම බය වෙලා නිවේදන නිකුත් කරනවාද?
අපේ පොකට් එකට තට්ටුකරලා උඩින් ගිය උදවියට තරහ ගිහිල්ලා,
විපක්ෂයේ එවුන් බොරු ප්‍රවෘත්ති මව මව ජනතාව නොමඟ හරිමින් ආණ්ඩුවට චෝදනා නගනවා ආණ්ඩුව ජනතාව නොමඟ යවනවා කියලා
රට කාපු බයියෝ කියන ඒවා අපිට වැඩක් නැ
නිදහස් දිනයට පෙරහුරු කරන හෙලිකොප්ටර් 3ක වීඩියෝ එකක් අරගෙන ෆේස්බුක් එකෙ දාල මිනිස්සු කුලප්පු කරන්න සජබෙන් කරපු වැඩක්
සිංහල අවුරුදු කාලෙට ඇහෙන රබන් පදවැලක් මතක් වෙනවා . . ..
මෙහෙම අසත්‍ය පුවත් මැවීම රජයට වාසිදායක බව තවමත් තේරුම් අරගෙන නැ .
හරි හරි කොහොම හරි යාපනෙ ගියානෙ. උඩින් ගියත් ඔයාල කියන්නෙ බිමින් ගියා කියලනෙ ඉතින් අපිට මොකො. එකම දේ රටේ නායකයා රට වටේ සවාරි ගහනවා නෙ කාර්යලයෙ වෑඩ නැතුව ඇති
ජනාධිපතිතුමා වැනි ඉතා කාර්යබහුල කෙනෙකුට ඔයවැනි දුර ගමන් හෙලිකොප්ටරෙන් යන එක ලාබ දායකයි. හෙලිකොප්ටරෙන් ඔය ගමන පැයකට අසන්න කාලෙකින් යන්න පුළුවන්... බිමින් යනකොට දවසක් විතර ගතවෙනවා. රටේ කොපමණ ප්‍රශ්න තිබෙනවාද විසදන්න... ජනාධිපතිවරයකුගේ නඩත්තු පිරිවැය සහ හෙලිකොප්ටර් ගාස්තුව සන්සන්ධනය කරලා බැලුවාම හෙලිකොප්ටරේ ලාබදායකයි. බිමින් ගියා කියලා ආරක්ෂක රථවාහන සහ නිලධාරින් විශාල ප්‍රමාණයක් එතුමා සමග යන්න ඕනේ... ඒවාට විශාල වියදමක් යනවා.
AKD ජනාධිපතිපතිතුමා ඇතුළු පිරිස SLAF චොපර් වලින් නොගිහින් මහ පාරෙන් ගියේ, ඔවුන් චොපර් කෙරේ විශ්වාසයක් නැති නිසාලු !!! මතකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාලයේ, එයාගේ චොපර් එක කොට උඩ යන්න ඉස්සෙල්ලා වෙලකට බස්සපු හැටි...?
දූෂිත පවුල් පාලනේ කාලේ මහින්දයා බුරුතු පිටින් ගිය හැටි දන්නෝ හොඳාකාරවම දනිති .එයාර් ලංකා බන්කොලොත් කරපු හැටියෙන්ම පේනවා උන් කරපු හරිය.