
(කේෂර ගුණතිලක)
අවුරුද්දයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදගම මෑල්ලගම මල්ගස්තලාව පැල්ගහවත්ත පදිංචිව සිටි ඩී.එම් විනුර විතුල්ක දිසානායක නැමති දරුවෙකි.
දරුවාගේ පියා එදින උදෑසන කුලී වැඩකට ගොස් ඇති අතර මව සහ මිත්තණිය සමඟ දරුවා නිවසේ සිට ඇතැයි පොලීසිය කියයි.මිත්තණිය ඉඩමේ පහළ කොටසේ වගාකර තිබූ කුරක්කන් කැපීමට ගොස් තිබේ. මව දරුවාට කිරි පොවමින් සිටියදී ඇයට නින්ද ගොස් ඇත.
ටික වෙලාවකින් අවදිවී බලන විට දරුවා ඇය අසල සිට නැති බැවින් ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී නිවසට මීටර් 50 පමණ ඈතින් පිහිටි අනාරක්ෂිත ළිඳකට දරුවා වැටී සිටිනු දැක දරුවා ගොඩට ගෙන මැදගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කර ඒවන විටත් විටත් දරුවා මියගොස් ඇති බව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමට අම්මලා. වාහනේ හප්පලා මිනිමරණ එකත් කියන්නේ නින්ද ගියයි කියලයි. ඒ ලෙඩේ මුණටත් බෝවෙලා. මෙවැනි ගැහැණුන්ටත් දරුවෝ ලැබෙනවානේ.