ගිනි ගාණට සහල් වික්ක 20කට නඩු සහල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් සොයා කොළඹ දිස්තික්තය තුළ කළ වැටලීම් මාලාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 20 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය. 23 January 2025
නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 January 2025
වරාය අධිකාරියේ පර්යන්ත 2024දී වාර්තාවක් තබයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්ෂව සියයට 23ක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව එම අධිකාරිය පැවසීය. 23 January 2025
’’මින් ඉදිරියට, ඇමති ආයතනවලට නිතර එනවා’’ නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 23 January 2025
ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉක්මණින් දෙනවා ප්‍රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්‍යත්ව විභාගයේ (2024) ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (23) පැවසුවාය. 23 January 2025
කොළඹ - මහනුවර මාර්ගය නිට්ටඹුවෙන් අවහිර වියහැකියි නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස එක් මංතීරුවක් දෙකට බෙදා වාහන දෙපසට ධාවන කරන බව පොලිසිය පවසයි. 23 January 2025
සියලු කොටස් මිල ඒකක 17,000 පනී කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය. 23 January 2025
සෞඛ්‍ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 23 January 2025
විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විශේෂ සේවා නියුක්ති කාර්යංශයය කියයි. 23 January 2025
අනුර ප්‍රියදර්ශනට, බිරියට ඇප ගංවතුරින් අවතැන් වූවන්ට වෙන් කළ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිය ඇතුළු සිවු දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මිට සුළු වේලාවකට පෙර නියෝග කළේය. 23 January 2025
සභාපති ධූරයට තරග වදින්න ශම්මි - ජයන්ත - සමන්ත පිටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණයේ සභාපති ධූරය සඳහා වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු තිදෙනෙක් නාමයෝජනා භාරදී තිබේ. 23 January 2025
සිඟිත්තිය සමඟ සොරකමේ ගිය කත ඇතුළු 4ක් මාට්ටු මාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 23 January 2025
‘නිති විරෝධි දෙයක් බහාලුම්වල තිබුණොත් අපි වගකිම ගන්නවා‘ වරායේ ඇති වී තිබූ තදබදයත් සමග පරීක්ෂාවකින් තොරව පිටතට යැවූ බහාලුම්වල යම් නීති විරෝධී ද්‍රව්‍යයක් මෙරටට රැගෙන විත් තිබුණොත් එහි වගකීම රජයක් ලෙස අපි භාර ගන්නවා යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසයි. 23 January 2025
හිටපු එස් අයි ‘අයිස්‘ සමඟ මාට්ටු රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක් පිළියන්දල හොරණ පාරේ නිවාඩු නිකේතනයක් ඉදිරිපිටදී ඊයෙ (22) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 23 January 2025
පාරේ ගිය යතුරුපැදිය හිටිහැටියේ ගිනි ගනි අනුරාධපුර ආයුර්වේද රෝහල ඉදිරිපිටදී අද (23) උදෑසන මාර්ගයේ ගමන් කරමින් තීබූ යතුරු පැදියක් හදිසියේම ගිනි ගැනීමෙන් යතුරු පැදිය සම්පූර්ණයෙන්ම විනාශයට පත් ව ඇතැයි පොලිසිය කියයි. 23 January 2025
ගුරුවරියගේ පහර කෑ සිසුවිය රෝහලේ පන්ති භාර ගුරුවරිය පහරදීමෙන් ඇදවැටුණ ආණමඩුව විදුහලක ශිෂ්‍යාවක් රෝහල් ගත කොට ඇතැ යි සිසුවියගේ පියා පැමිණිල්ලක් සිදු කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 23 January 2025
අනුර ප්‍රියදර්ශන - බිරිය අධිකරණයට රැගෙන එයි ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමට දුන් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයකු වු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය. 23 January 2025
කරාපිටියේ රෝහලේ කාර්යමණ්ඩලයේ 74කට ඩෙංගු ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ සමාජිකයින් 74 දෙනෙකුට පමණ පසුගිය මාසය තුලදි ඩෙංගු රෝගය වැළදි ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග මහතා පවසයි. 23 January 2025
ත්‍රී‘මලේ දුම්රිය තාක්ෂණ නිලධාරියා ඊ ටිකට් 92ක් සමග මාට්ටු ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් 92 ක් වැඩි මුදලට අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ තාක්ෂණික නිලධාරියකු ඇතුළු දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 23 January 2025
මල්වඩමක්-උණ්ඩ 10 ක් මෝදර නිවෙසක් ඉදිරිපිට තබාගිහින් දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත මෝදර ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල්වඩමක් සහ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් තබාගොස් ඇති බව මෝදර පොලිසිය පවසයි. 23 January 2025
ආදිවාසීන්ගේ ගැටළුවලට මාස තුනකදී විසඳුම ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කළ පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මෙනෙවියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 23 January 2025
හන්තානේ ගස් කැපූ වතු අධිකාරි සහ සහකාර වතු අධිකාරි අල්ලයි මහා පරිසර හානියක් කරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයේ නීති විරෝධී ලෙස ගස් කැපු බව කියන එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 23 January 2025
ත්‍රිරෝද රිය පෙරැළි රියකට යටවි එක් දරු පියා මරුට දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත් මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි. 23 January 2025
පාසල් දරුවන් ලක්ෂ හතකට සපත්තු පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිනී සහ අධ්‍යාපන අැමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 23 January 2025
ටයිල් ලොරිය පාරේ පෙරැළෙයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රියසහයක සුලු තුවාල ලැබු බව ඇල්ල පොලිසිය පවසයි . 23 January 2025
තැනින් තැන අදත් වැසි ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. 23 January 2025
කම්කරු නිලධාරියා අල්ලස් දැලේ ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 23 January 2025
ජනපති,ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 23 January 2025
ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක් එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 23 January 2025
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 22 January 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026