
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර )
අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ මහවත්ත, මහවිල , හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටී සී සුසිලාවතී නමැති කාන්තාවක බව පොලිසිය කීය.
අඹුසැමි යුවල අද උදැසන යතුරු පැදියෙන් බේරුවල දෙස සිට කලුතර දෙසට ගමන්කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත් බස් රථය යතුරු පැදියේ ගැටී කාන්තාවගේ හිස ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි, මාලිමාවට සහාය දුන් අයගේ සාපයට අපි වග නොකියන බැවින් රටේ අහිංසක යහපත් දුප්පත් පොහොසත් ජනතාවගේ සියලු ග්‍රහ අපල දෝෂ දුරුවී සෙත් වේවා. කරදර බාධක කම්කටොලු දුරුවී රටට ලෝකෙට සෞභාග්‍යය උදාවේවා! තෙරුවන් සරණයි..!
බස් රියදුරන්ගේ නොසැලකිල්ල කවදා අවසන් වේවිද? මේකත් පිටුපස්සෙන් හප්පලා තියෙන එකක්. ටික දවසකින් ඇප අරන් ඇවිත් තව බස් රථයක් පදවාවි...! මේ වගේ වැරැදි වලට විශේෂ අධිකරණයකින් ජීවිතාන්තය දක්වා හිරේ දැම්මේ නැතොත් මොවුන් හැදෙන්නේ නැහැ...