IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දියේ ගිලී හතරක් මරුට

(සිතුම් චතුරංග)

මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි  සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව්  දෙනකු මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි.

මියගිය සිසුවියන් දෙදෙනා  කුමුලමුනෙයි, කොට්ටුකිනරු කෝවිල වෙත පැමිණ එහි ජල පොකුණට බැස ඡායාරූප ගනිමින් සිටියදී සිසුවියන් දෙදෙනා එකවර ජල පොකුණතුලට ලිස්සා ගොස් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.‍ෙ

මුලතිව් උඩුප්පුකුලම වැවේ ඔරුවක නැගී නෙළුම් මල් කැඩීමට ගිය දස හැවිරිදි සිසුවා සහ තවත් අයකු ඔරුව පෙරලී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය.

එලෙස කොට්ටුකිනාරු පොකුණට වැටී මියගොස් ඇත්තේ මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එස්.රශ්මිලා සහ ටි. ක්‍රිසිකා නැමති 16 හැවිරිදි සිසුවියන් දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා මුලතිව් මාමුනෙයි හි පදිංචිකරුවන් වේ.

සිසුවියන් දෙදෙනා දියේ ගිලෙන අවස්ථාවේදී ඔවුන් සමඟ පැමිණි අයෙකු දියට බැස බේරාගැනීමට උත්සහ කොට ඇති බවත් කෝවිලේ සී.සී.ටී.වී කැමරා දර්ශනවල සටහන්ව ඇති බවත් පොලිසිය පැවසීය.

උඩුප්පුකුලම වැවේ ගිලි මියගොස් ඇත්තේ මුලතිව් ආලම්පිල් හි පදිංචි සී.ප්‍රනාවනන් නැමති දස හැවිරිදි පිරිමි දරුවකු සහ ඔහුත් සමඟ ඔරුවේ සිටි ඊ.නිශාන්තන් නැමති 25 හැවිරිදි තරුණයකු වේ.

 

 



අදහස් (1)

දියේ ගිලී හතරක් මරුට

Bunny Preena Tuesday, 03 June 2025 09:08 AM

ජල පොකුණු සහ වැව් , ඇල, දොළ වගේ ස්ථාන පිළිබඳ හොඳ අවබෝධයක් නැති අය එවැනි තැන්වලට නොයන තරමට හොඳයි. වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම සහ දරුවන් පිළිබඳ අවධානයක් නොවීමත් මේ වගේ අකල් මරණ වලට ප්‍රධාන හේතුවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site