( මහින්ද නිශ්ශංක )
දෙදින තැපැල් සේවක වර්ජනය අවසන්වීම නිසා අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව කොළඹ කොටුව _බදුල්ල හා කොටුව _ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදූල්ල සිට ධාවනයේ යෙදුණු රාත්‍රී තැපැල් දුම්රිය අද අළුයම පීලි පැනීමට ලක්ව ඇති නිසා අද එම දුම්රියට තැපැල් මැදිරිය එක්කර නැති බවත් හෙට සිට එම තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බවද පාලක මැදිරිය සදහන් කරයි.
ඉල්ලීම් 10 ක් මුල් කරගෙන ආරම්භ කෙරුණු තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දෙදිනක් තැපැල් දුම්රියෙන් තැපැල් මැදිරි ඉවත් කර තිබූණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජන කරන එවුන් ලංකාවට එපා. අස්කර දාන්න