
(සුජිත් හේවාජුලිගේ)
එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඔමික්‍රොන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය.
නව ප්‍රභේදය මුල් වරට හඳුනා ගනු ලැබුවේ මේ වසරේ ජනවාරි මාසයේදීය.
එදින සිට මෙම ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනා ගැනුණු බවද චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මේ තත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීම නුවණට හුරු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය වෙදකමට ඉඩ දෙන්න. වයිරස රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර එහි පවතින නිසා. ඒවගේම, හෙළ ආහාර රටාවට නැඹුරුවී ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගන්න...
මෙහෙම... මෙයාලා අපේ අය අහන්නේ නැත...
කෙලපන් තව වැක්සින් පාරක්, රටක් ජාතියක්ම වඳකරලා මිහිපිටින් තුරන් කරලාම දාන්න. රෙද්ද....