දෙදරුපියා මරුවාට ස්පා කත ඇතුළු හතරක් මාට්ටු ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව කියන 35 හැවිරිදි පිරිමි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කළ බව කියන ස්පා කතක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 10 April 2025
’’පුතානෝලගේ පියානෝලා අළුගෝසුවෝ’’ එදා අළුගෝසුවන් ලෙස කටයුතු කළේ පුතානෝලගේ පියානෝලා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2025
අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35000ක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් තිස් පන්දාහක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 10 April 2025
මව්වරුන් රකින්න ජපානෙන් ඩොලර් මිලියන 5.29ක් ගර්භණී සමයේ දී හෝ දරු ප්‍රසූතියේ දී කිසිදු කාන්තාවකට අනවශ්‍ය අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන අයුරින් මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 10 April 2025
කටුනායක නිදහස් වෙළෙද කළාපයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කටුනායක නිදහස් වෙළෙද කළාපයේ සේවයේ නිරත සේවක - සේවිකාවන්ට තම දූ දරුවන් අනාරක්ෂිතව සිය නේවාසිකාගාර තුළ තබා යාම වෙනුවට සුරක්ෂිතව ඔවුන් රදවා තැබීම සදහා දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අද(10 ) දින මුල්ගල් තැබීමක් කටුනායක නිදහස් වෙළෙද කළාපයේ 04 අදියර ප්‍රධාන ගේට්ටුව අසළ දී සිදු කෙරුණි . 10 April 2025
අධිවේගී මාර්ගයේ බැංකු කාඩ්වලින් ගෙවන්න අවස්ථාව අධිවේගී මාර්ග භාවිත කිරීමේදී බැංකු කාඩ්පත්වලින් මුදල් ගෙවීමේ හැකියාව දීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය. 10 April 2025
’’අපි ලේ වල පලිය ඉල්ලන්නේ නෑ’’ අප ලේ වලට ලේ වලින් පලිය ඉල්ලන්නේ නෑ .නමුත් අපි යුක්තිය ඉල්ලනවා. අපි ඒ යුක්තිය පසුපස හඹා යනවා යැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේ බටලන්ද විවාදය අමතමින් පැවසීය. 10 April 2025
15 වැනිදා රජයේ නිවාඩු දිනයක් නොවේ මෙම මස 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි සමාජ මාධ්‍යවල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 10 April 2025
මගී බස් රථ ආසන වෙන්කිරීම අත්හිටුවයි අලුත් අවුරුදු සමයේ බස් මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 April 2025
චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 10 April 2025
බටලන්දේ ඇත්ත වරදකරුවන්ට දඬුවම් දෙනවා බට ලන්දේ සැබෑ වරදකරුවන්ට අනිවාර්යයෙන් නීතියෙන් දඩුවම් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2025
අනිත් වධකාගාර ගැන කතා කරන්නත් ඕන තරම් කල් තියෙනවා බට ලන්ද පමණක් නොව සෙසු වධකාගාර ගැන කතා කිරීමටත් ඕනෑ තරම් කල් තිබෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2025
ගිනි අවියක්-පතුරොම් සමඟ ගුවන්තොටේදී අයෙක් අල්ලයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක් , එයට යොදන පතොරම් 12 ක් සහ පතොරම් ගැබක් සිය කළිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 10 April 2025
මේ බටලන්ද නෙමෙයි ඡන්ද ලන්ද මේ බටලන්ද නොව ඡන්ද ලන්ද යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 April 2025
වැසිකිළිය ඉදිරිපිට බිහිකළ දරුවා සහ මව මරුට දරුවෙකු ලැබීමට දින හයක් තිබියදී නිවස තුළ වැසිකිළිය ඉදිරිපිට එම දරුවා බිහි කළ මවක් සහ දරුවා සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි. 10 April 2025
මිහිදන් කළ නිමේෂ්ගේ සිරුරට පොලිස් ආරක්ෂාව වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයා ගේ මළ සිරුර මිහිදන් කළ ඔහුගේ නිවසට යාබද සුසානභුමියට ඊයේ (09) රාත්‍රියේ සිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. 10 April 2025
පොලිසියට අලුතින් 2500ක් පොලිස් සේවයට 2500ක් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 10 April 2025
ලක්ෂ 45ක් කොල්ල කෑ පොලීසියේ දෙකක් ඇතුළු 5ක් මාට්ටු විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකුට අයත් හෝටලයකට පැමිණ පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 45 මුදලක් කොල්ලකෑ බව කියන පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු, සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. 10 April 2025
දිවි සැරිය නිමකළ මහාචාර්ය නයන අලගියවන්න රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පුරෝගාමී ආචාර්යවරයෙකු වු මහාචාර්ය නයන අලගියවන්න මහතා පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 10 April 2025
රජයේ වැටුප් අද අඩමානයි රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත් මෙතෙක් හිමිවූ වැටුප අද දින අනිවාර්යයෙන්ම ගෙවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්රලේඛයකින් දැනුම් දී ඇත. 10 April 2025
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ට්‍රම්ප් පැනවූ තීරු බද්දට මාස තුනක විරාමයක් “අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට පමණ පැනවූ ඉහළ තීරු බදු ප්‍රතිශත ක්‍රියාත්මක කිරීම දින 90 කට අත් හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (10) නියෝග කළේය. 10 April 2025
ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක් බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 10 April 2025
හැම පාසලකටම බෙදන්නේ එකම හැන්දෙන් විදුහල්පතිවරුන් පත්කිරීමේදී සියලුම පාසල් වලට අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක්, එකම ක්‍රමවේදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 10 April 2025
යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුදහමුදාව විසින් පියවර ගෙන තිබුණි. 10 April 2025
අද කාලගුණය බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 April 2025
අපරාද කණ්ඩායමක සාමාජිකයකු මාට්ටු ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 10 April 2025
රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්? විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ශ්‍රීලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා දැනුම් දී ඇත. 10 April 2025
මහවැලි අධිකාරියේ අධ්යක්ෂවරයෙක් දසලක්ෂයක මුදල් අවභාවිත කරලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දස ලක්ෂ හැට තුන්දාස් නමසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීහු දැඩි විරෝධය 10 April 2025
තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම, දින 90 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. 10 April 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026