IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රයෝජනයට නොගත් රජයේ ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට

(අංජුල මහික වීරරත්න)

වැඩකට නොගත් (ඌන උපයෝජිත) ඉඩම්/ දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

රජයට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ එම ඉඩම් වල යෝග්‍යතාව හඳුනාගෙන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඇතුළත් පුද්ගලික ආයෝජන සඳහා යොමු කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් 2025 අයවැය මඟින් රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ තිබේ.

එම යෝජනාව අනුව එම අමාත්‍යාංශ දෙක යටතේ පවතින ආයතන වල නිරවුල්, ඌන උපයෝජිත ඉඩම් / දේපළ, වැවිලි හා කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බල ශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හා වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු යන ක්ෂේත්‍ර යටතේ ආයෝජන අවස්ථා සඳහා ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ප්‍රයෝජනයට නොගත් රජයේ ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට

යෝගා Tuesday, 03 June 2025 01:52 PM

කාර් දන්සල වගේ එකක්ද?

:       1       4

ගුණරත්න Tuesday, 03 June 2025 05:35 PM

වාහන වෙන්දේසිය කළා වගේ හෙන්චයියෝ ටිකකට හොරෙන්ම ඉඩම් ටික දීලා දේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site