IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බන්දුල පෙතියාට ’’කැබිනට්’’ ආදරයක්

(අංජුල මහික වීරරත්න)

දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1991 වර්ෂයේදී හඳුනාගනු ලැබ ඇති බන්දුල පෙතියා මෙරටට ආවේණික, දුර්ලභ හා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයකි. 

දැනට සිදු කර ඇති ගණනය කිරීම් වලට අනුව, මෙම මසුන් සංඛ්‍යාත්මකව 300ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩි ගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර 2.5 ක පමණ ප්‍රදේශයක පමණක් මෙම මත්ස්‍යයා ජීවත්වන බවට හඳුනාගනු ලැබ තිබේ. 

එම දොළ පාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදා ගන්නා කුඹුරු වගාවන් පවතින බැවින්, මානව ක්‍රියාකාරකම් බහුලව සිදු වන දොළ පහරක ජීවත් වීම, රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්මට බලවත් තර්ජනයක් බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, මෙම සීමිත මසුන් සංඛ්‍යාව ආරක්ෂා කිරීම සඳහා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලපිටමඩ ප්‍රදේශයේ, රබිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ හඳුනා ගන්නා ලද කිලෝමීටර් 2.5ක පමණ ප්‍රදේශය දොළ පහරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසටම මීටර් පහළොව (15) බැගින් වන භුමි ප්‍රමාණය නික්කඳු පොල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බන්දුල පෙතියාට ’’කැබිනට්’’ ආදරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site