
(එස් .හේරත්)
තීරු බදු රහිතව මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ කිලෝ 1917 ක් සමඟ සැකකරුවන් 13 දෙනෙක් හලාවත කොට්ඨාස විස මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(02) රාත්‍රියේ හලාවත බණ්ඩාරවත්ත කලපු ප්‍රදේශයේදී මෙම බීඩි කොළ තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
හලාවත කොට්ඨාශය විස මත්ද්‍රව්‍ය විනාශක අංශයට ලැබුණ තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකරනු ලැබූ අවස්ථාවේදී නීති විරෝධී බීඩි කොල තොගය ලොරි රථ දෙකකට පටවමින් සිට ඇති බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන අන්දමට කිලෝ 1917 කින් යුත් බීඩි කොළ තොගය ආරක්ෂිත ලෙස පොලිතින් උර 62 ක අසුරා තිබී ඇත.
මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙස මුහුදු මගින් ගෙන එන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද බීඩි කොළ තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නැත.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිතී විරෝධි බීඩි කොළ සමඟ 13ක් අල්ලයි