IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා

(අංජුල මහික වීරරත්න)

මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව කීවේ සෙලෝජන් ලංකා (පුද්) සමාගම (Celogen Lanka (pvt) Ltd) මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම කාර්යය සිදුවිය.

සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට හදුන්වා දීම මෙහිදී සිදු විය.

හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර ඇත. එම  ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 කි. 

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ භාවිතය සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනය කර අඛණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයට ද, එමෙන් ම විදේශයන්ට ද, සැපයීමට කටයුතු කරන අතර ම පෞද්ගලික ඖෂධ ශාලාවලින් ඖෂධ මිල දී ගන්නා මෙරට ජනතාවට ද ඒ අයුරින් ම ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් විශේෂ ඉල්ලීමක් ද කළේ ය.



අදහස් (4)

දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා

පැණි දම්මි Sunday, 01 June 2025 04:17 PM

ඒක නං අපූරු ප්‍රවෘත්තියක්. එහෙනම් කොරෝනත් ළඟ ළඟම එන එකේ මං හිමිහිට පොඩි පැණියක් හදන්න ගන්නද මහත්තයෝ...?

:       20       49

මාලිමාගැත්තා Sunday, 01 June 2025 04:37 PM

ආපේ ආණ්ඩුව (ආප්පේ කියා නොකියවන්න) එහෙම තමයි. සීනි, තේ, කර්මාන්ත ශාලා වැහුණාට කමක් නෑ. ඇඟලුම් එව්වත් වැහිද්දෙන්. බෙහෙත් හදන්න ෆූල් සහයෝගය. තඩි බදු අඩු කරලා, විදුලිබිල අඩු කරලා නිෂ්පාදන පිරිවැය අඩු කරන්නයි හදන්නේ... ඊට අමතරව උගණ්ඩාවේ හංගපු සල්ලිත්, ඉතාලියේ ඉන්න මාලිමා අය එවන ඩොලර් කෝටි ගණනුයි ආයෝජන සඳහා යොදනවා. කටෙන් හිටෙව්වත් මොකද බතල කොලේ පැළවෙනවා නම්...!

:       17       59

රුවන් Monday, 02 June 2025 01:42 PM

අයර්ලන්තය වගේ කුඩා රටක් ඖෂධ නිෂ්පාදන අතින් පතාක යෝධයෙක් වුනේ කොහොමද අවුරුදු 20න්. 2024 ඩොලර් බිලියන 100කට වැඩියි අයර්ලන්තයේ ඖෂධ කර්මාන්තය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 80-85යි තිබ්බේ. බැරි නෑ. දුෂණය 0% නම් හොද අවස්ථාවක් මේක. කජු සියාගේ 2050 ඩොලර් ට්‍රිලියන සංකල්පයෙත් මෙක තියෙනවා.

:       20       1

Tiran Monday, 02 June 2025 06:12 PM

දේශීය ඖෂධ නිශ්පාදනය පටන් ගත්තේ ගෝඨාගේ කාලේ ඡන්න ජයසුමන මහත්තයා. ඔබලා ඒ කාලෙත් හොරු කියලා ඒ මිනිස්සුන්ව එළවා ගත්තා. දැන් ඖෂධ කියලා හදන්න වෙන්නේ පස් පංගුව තමයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site