මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි. 07 February 2025
දකුණු ආසියාවේ පරණම වෛද්‍ය පර්යේෂණායතනය බලන්න ඇමති යයි සෞඛ්‍ය සේවාව ඇතුළු සියලුම ක්ෂේත්‍ර වල පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 07 February 2025
දුම්රිය රියදුරා කෝච්චිය දමා පැන ගිහින් මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරණ දුම්රිය පෙරේදා (06)වන දා දහවල් කොග්ගල දුම්රිය ස්ථානයේ නතරකොට රියදුරු පලායාම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බව එම දුම්රියේ ගමන් ගත් මගීහු පවසති. 07 February 2025
‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා” සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම නඩුව සම්බන්ධයෙන් නීතිපති වරයාට චෝදනාවක් කරමින් ඒවා ඇති ලිපිය සම්බන්ධයෙන් ඇයට පෞද්ගලිකව පිළිතුරු ලිපියක් යැවීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවසුවාය. 07 February 2025
කොරියා රැකියා දෙන බව කියා රට පුරා ජාවාරමක් දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 February 2025
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන විශේෂ විමර්ශනයක් ප්‍රශ්නගත කොළඹ කොටුවේ ක්‍රිශ් ගොඩනැගිල්ලේ ඊයේ (6) රාත්‍රී හටගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීෙ 07 February 2025
ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙමින් කියූ කතාවකි. ඇත්තෙන්ම මේ රුවැන්තිය කවුරුන් ද? 07 February 2025
ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි. 07 February 2025
යතුරුපැදි අනතුරින් සෙබළා මරුට ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 07 February 2025
මහ පාරේ බස් ජල්ලි ඇල්ලු කොන්දොස්තර-රියදුරුගේ වැඩ තහනම් මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදුරුගේ හා කොන්දොස්තර වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පැවසීය. 07 February 2025
පෞද්ගලික බැංකු ලොක්කාගේ නිවසේ ගිනි අවි ජීව උණ්ඩ පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 07 February 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 February 2025
බල්ලාට ඇද්ද විදුලිය තරුණයාට මරු කැඳවයි නිවස තුලට සුනඛයන් පැමිණිම වැලැක්වීම සඳහා පියා විසින් අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුතා විදුලි සැර වැදී මිය ගොස් ඇතිබව සෙවනගල පොලිසිය පවසයි. 07 February 2025
බස් රියැදුරාට පිහියෙන් ඇන මරලා බදුල්ල නගරයේ සේනානායක පිටිය අසල දි පිහියකින් ඇණ බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ රියදුරකු ඝාතනය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි . 07 February 2025
නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 07 February 2025
මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය. 07 February 2025
රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසයි. 06 February 2025
නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. 06 February 2025
මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. 06 February 2025
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 06 February 2025
ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක් සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට ඉල්ලමින් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ලිපියක් යොමුකර ඇත. 06 February 2025
ජනපති නීතිපති කැඳවයි ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් පොලිස් නිලධාරීන් කැඳවනු ලැබ ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ් දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු යූ.බී. කුළතුංග මහතා නියම කළේය. 06 February 2025
11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද නියම කළේය. 06 February 2025
අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 February 2025
මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය. 06 February 2025
විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් අගෝස්තු 25 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 06 February 2025
මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. 06 February 2025
ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය. 06 February 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026