සහල් මෙට්‍රික්ටොන් 12000 ක් මග පෞද්ගලික ආනයනකරුවන් ඇනවුම් කළ තවත් සහල් මෙට්‍රික්ටොන් 12000 ක් කොළඹ වරායට ගොඩබෑමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (30) පැවසීය. 30 December 2024
නව හමුදාපති ජෙනරාල් ලසන්ත නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර ඇතැයි යුද හමුදාව පවසයි. 30 December 2024
අලින්ට එරෙහිව විරෝධතාවක් අනුරාධපුර දැයට කිරුළ භූමියට වන අලින් රංචුපිටින් ගෙනත් දැමීමෙන් පසු ගොවින්ගේ බවබෝග මෙන්ම නිවාස වලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධව බලධාරීන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අද (30) දහසකට අධික පිරිසක් එක්වී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 30 December 2024
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනය ප්‍රකාශ කරයි ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 30 December 2024
අයෙක් පැහැරගෙන තියුණු ආයුධ වලින් කපලා මට්ටක්කුලිය සමිත්පුර නිවසකට ඊයේ (29) දහවල් කඩා වැදුණු පිරිසක් එහි සිටි පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර කෙසෙල් වත්ත ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි. 30 December 2024
මැතිසබේ ලොක්කෙක් අද සීඅයිඩියට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(30) කැඳවා ඇත. 30 December 2024
අද සිට වැස්ස වැඩි වන හැඩ උතුරු, උතුරු - මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය අද දිනයේ සිට ඉදිරි දින කීපයක තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 December 2024
ජිමී කාටර් සමුගනී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි. කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේ දී හිටපු ජනාධිපතිවරයා අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. 30 December 2024
යකඩ පලංචියේ වැඩ කළ තුනක් විදුලි සැරවැදි මරුට නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ නිවසක ඉදි කිරීමක අද 29 සවස නිතර සිටි කම්කරුවන් පිරිසට විදුලි සැර වැදිමකින් තිදෙනකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය කියයි. 29 December 2024
හිටපු මැති ඇමැතිවරුන්ගේ බැංකු පොලු ගැන තොරතුරු පනතින් ඉල්ලයි මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ තොරතුරු තොරතුරු පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට හෙට (30) යන බව සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. 29 December 2024
යතුරු පැදිය ගිනි ගෙන දැවෙයි ගාල්ල නගරයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදි අද රාත්‍රි ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශවි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 29 December 2024
ලක්ෂ 30ක් වංචා කළැයි හිටපු ඇමැති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරකරන ලද හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හා ඔහුගේ සොහොයුරුක වන බව කියන අයකු ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ෙ ජනවාරි මස 6 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කළාය. 29 December 2024
‘‘ලංකාදීපය‘‘ අයිකොනික් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි අයිකොනික් විශිෂ්ටතා සම්මාන උළෙල - 2024’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැත්විණි. 29 December 2024
අල්ලසේ ලොකු පුටුවට 16ක් හෙට සටනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් පුරප්පාඩුව සඳහා අයදුම්පත් යොමු කළ 16 දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්මුඛ පරීක්ෂණ සඳහා හෙට (30) කැඳ වෙති. 29 December 2024
ශවේන්ද හමුදාව සමු දෙයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (1) දා සිට විශ්‍රාම යාමට නිමිතව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 29 December 2024
හොරට පාස්පොට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩතහනම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 29 December 2024
සීගිරිය ලස්සන කරන්න කොරියාවෙන් කෝටි 240 ක් ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2.4 ක් හෙවත් රුපියල් කෝටි 240 ක් ප්රදානය කිරීමට කැමැත්ත පල කර තිබේ. 29 December 2024
පොඩි සීයා පැඳවු ලොරියට යටවී සිඟිතිය මරුට මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පොඩි සීයා පැදවු ලොරි රථයකට යටවී අවාසනාවන්ත ලෙස ඊයේ(28)වන දින සවස මියගොස් ඇත. 29 December 2024
වීඩියෝ අන්තර්ජාලයට යොමු කරනවා යැයි සිසුවියට තර්ජනය කරලා විඩියෝ දර්ශන කිහිපයක් අන්තර් ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු ඊයේ(28) රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාල්ල නාගොඩ පොලිසිය පවසයි. 29 December 2024
‘විදුලි බිල අඩු කරන හැටි ජනවාරි 17 කියනවා‘ විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි. 29 December 2024
මත් කරල්-මත් ද්‍රව්‍ය සමඟ තරුණයෙක් මාට්ටු පානදුර හිරන මාලමුල්ල කෝන්ගහකොටුව ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා මත් කරල් තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි. 29 December 2024
කැලණි ගඟේ පහත් බිම් ආශ්රිත වැලි කැණිම් සියල්ල තහනම් කැලණි ගඟේ ගංවතුරින් කඩුවෙල නගර සභා බල ප්‍රදේශය යටවීම පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පහත් බිම් ගොඩකිරීම පහත්බිම් ආශ්‍රිතව පස් සෝදා වැලි ගැනීමේ කටයුතු සියල්ල තහනම් කිරීමට තීරණය කළ බව කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි. 29 December 2024
දුවන දුම්රිය එන්ජින් 50 ත් දෝෂයන්ට ලක්වීම ගැටලුවක් දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින් හිඟවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 December 2024
නිධන් සෙව් 4ක් පොලිස් දැලේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගන්නා ලදැයි පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නව නගරය, පොළොන්නරුව තෝපාවැව,පොළොන්නරුව ගණන් ගොල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකි. 29 December 2024
රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයකුගේ සොහොයුරකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 29 December 2024
වේදනා නාශක දියරය පෙවුණ සිඟිත්තා මරුට නිවසේ තිබු දියර වේදනා නාශකයක් පානය කළ කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික අසාද්මිකතාවකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 29 December 2024
අවිස්සාවේල්ල මාර්ගයය වහයි කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමා පනවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2024
‘පුලතිසිට‘අලියෙක් බිලි වෙයි හබරණ ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ. 29 December 2024
පෞද්ගලිකව ආනයනය කළ සහල් ටොන් 75,000 ක් වෙයි ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (29) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (29) පැවසීය. 29 December 2024
කොකේන් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටි ඝානා ජාතික කාන්තාවක් අද(29) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 29 December 2024
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026