
(මනෝප්‍රිය ගුණසේකර)
තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව සැප්තැම්බර් 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (13) තීරණය කළේය.
නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට නියම කරමින් සිතාසි නිකුත් කළේය.
නඩුව කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කිරම සඳහා විනිසුරුවරයා මෙලෙස දින නියම කෙරිණී.
වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලබ සිටින්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද නමැත්තන්ය.
අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට අනුව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරිණී.
නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලස යළිත් වරක් නඩු පවරන ලදී.
නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තමම සේවාදායකයා රෝගී තත්ත්වයකින පසුවන හෙයින් නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරුණු දක්වමින් මෙම නඩුව 2015 වසරේදී ගොනු කර ඇති හෙයින් නඩු විභාගය සඳහා කෙටි දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියාය.
කරුණු සලකා බැලමෙන් අනතුරුව නඩු විභාගය සැප්තැම්බර් 25 වැනිදාට කල් තැබු විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නියම කරමින් සිතාසි නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
541
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙහෙළියට - ජයම්පතිට එරෙහි නඩුවට දින දෙයි
Rata Perata Saturday, 14 June 2025 04:04 PM
මේ විදිහට කල් දදා නඩු අහන්න ගියොත් නම් තව අවුරුදු 50ක් යාවි. සතියකින් වගේ මේවා අහලා ඉවර කරගන්න බැරි ඇයි? විනිසුරුවන්ටත් යම් කිසි මග පෙන්වීමක් තියෙන්න ඕනෙ වගේ...