IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉරාන - ඊශ්‍රායල යුද උණුසුම නිසා මෙරට ගුවන් ගමන් මාර්ගත් වෙනස් කරයි

(ටී.කේ.ජී.කපිල)

ඉරාන - ඊශ්‍රායල අතර යුද උණුසුම වර්ධනය වීමත් සමග ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපයට කෙරෙන ගුවන් ගමන්වල වෙනසක් කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානය , ගුවන් ගමන් මාර්ගය වෙනස් වීම නිසා , යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළට හරවා යවා ඇත.

මෙම ගුවන් යානය අද (13) පස්වරු 12.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ අතර , එය නව තත්ව යටතේ සවස 06.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව දීපාල් පෙරේරා මහතා පැවසීය . එසේම අද (13) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය , ඉන්ධන ලබා ගැනීම සදහා මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා ඇති බව දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් පසුව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත ළඟා වීමට නියමිතය.

ඒ අනුව , මේ ආකාරයට විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ යුරෝපයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් යානාවලට , මෙම යුද උණුසුම නිසා , වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග අනුගමනය කිරීමට සිදු වී තිබේ .

 



අදහස් (0)

ඉරාන - ඊශ්‍රායල යුද උණුසුම නිසා මෙරට ගුවන් ගමන් මාර්ගත් වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31449 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13731 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11045 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 144 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1057 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site