අනුරාධපුර රෝහලේ වැඩ නවතී
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය විමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා පැවසිය.