(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටි දේශබන්දු තෙන්නකෝන් සැගවී ඇතැයි සැක කරන ස්ථාන දහයක් පරික්ෂා කර ඇති බවත් එහෙත් ඔහු සොයා ගත නොහැකි වු බවත් ඊට අමතරව තවත් ස්ථාන 18 කට බුද්ධි නිලධාරීන් යොදවා තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දේශබන්දු දුටු තැන අල්ලනු
Kamal Tuesday, 11 March 2025 03:11 PM
සිනා සාගරේ ඕයි...
Shan Tuesday, 11 March 2025 03:20 PM
මයිනාගේ ගෙදර ඇද යට ඇති හැංගිලා
Nandalal de Silva - France Tuesday, 11 March 2025 03:31 PM
දුටු තැන අල්ලන්න. ඊට පෙර ඔහු ඉන්න තැනක් හොයාගෙන ඉන්න ඕනෑනේ? ආඳෙක් වගේ මෑන් කාරයා ලිස්සා ගියා වගෙයි. මුළු ලෝකයම පීරන්න වෙයිද දන්නෑ...!!!
Kazi Shajahan Tuesday, 11 March 2025 04:20 PM
දේශබන්දුත් දැන් සෙව්වන්දි ගානට වැටුනා නේ .ඕක තමයි කියන්නේ ඊයේ රජා අද බල්ලා උනා කියලා
Rifan Tuesday, 11 March 2025 04:26 PM
රටේ නීතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහල තනතුරුවල කටයුතුවල සිටි පිරිසගේ නීති ගරුකභවේ තරම පේනවා නේද?. ඒ විතරක්ද දිනපතා පලවන පුවත් ටිකක් විමසිල්ලෙන් බලන්න මේ රටේ නීති ආරක්ෂා කරන්න අවශ්‍ය පිරිස් කුඩු විකුණනවා, මිනී මරන්න උදව් කරනවා, ස්ත්‍රී දුෂණ කරනවා. මේක ඇත්තට ලංකාවද? කැලිෆෝනියාවද?
Rifan Tuesday, 11 March 2025 04:26 PM
රටේ නීතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහල තනතුරුවල කටයුතුවල සිටි පිරිසගේ නීති ගරුකභවේ තරම පේනවා නේද?. ඒ විතරක්ද දිනපතා පලවන පුවත් ටිකක් විමසිල්ලෙන් බලන්න මේ රටේ නීති ආරක්ෂා කරන්න අවශ්‍ය පිරිස් කුඩු විකුණනවා, මිනී මරන්න උදව් කරනවා, ස්ත්‍රී දුෂණ කරනවා. මේක ඇත්තට ලංකාවද? කැලිෆෝනියාවද?
සුධීර Tuesday, 11 March 2025 05:01 PM
එම නියෝගය නිසා මහේස්ත්‍රාත්වරයා තවත් වාරයක් නීතිය උල්ලංඝනය කළා වෙනවා.
Asela Tuesday, 11 March 2025 09:41 PM
පොලිසියේ සහ අධිකරණයේ වත්මන් කටයුතු හොඳින්ම දන්නා නිසා හිටපු පොලිස්පතිවරයා ඉදිරියට ඒමට කැමති නැත. ඔවුන්ගේ යටි අරමුණ කුමක්දැයි ඔහු දනී. උදාහරණයක් ලෙස, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සම්බන්ධ නඩු විභාග හසුරුවන ආකාරය දෙස බලන විට, මෙම ප්‍රධාන ආයතනවල යම් දෙයක් බරපතල ලෙස වැරදී ඇති බව අපි දනිමු. පොල් ගෙඩි කිහිපයක් සොරකම් කිරීමේ නඩුවේදී මිනිසාට එය බෙහෙවින් වෙනස් ය.
Chathuri Wednesday, 12 March 2025 12:37 AM
දුටු තැන අල්ලනවා වෙනුවට දුටු තැන මරන්න කිව්වානම් මේ වෙනකොට මෙයාගෙ ප්‍රශ්නෙ ඉවරයි. මිනිස්සු මොහුව සොයන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ මහන්සිවෙලා හොයලා දුන්නාම ඊළඟ දවසෙ හෝ එදිනම ඇප දීලා එලියට දානවා. ඉතින් මොකටද මහන්සිවෙන්නෙ ඔය නීතිපොත් අලුත් වෙනකම් මේවගේ අමනයෝ මෙල්ල කරන්න බැහැ. හිර්‍රෙට දාපුගමන් රෝහල් ගතවෙනවා ඇයි එහෙම කරන්නෙ. දුප්පත් මනුස්සයකුට පෝලිසියෙන් ගහලා කුඩුවට දාපුවම ඒ මනුස්සයට පුලුවන්ද රෝහල් ගත වෙන්න බැහැ ඒ අයට වෛද්‍ය වාර්තා ඕන. හැම දේම අලුත් වෙනකොට මේ ආදිකාලේ නිතීඅයින්කරලා දියුනුවෙන ලෝකෙට ඔබින නිති ගේන්න . ඒ කාලේ තාක්ෂනය අතින් දියුනු නැති රටක්. දැන් එහෙම නැහැ. දරුනු දේවල් වෙන්නෙ. මිනිස්සුත් දරුණුයි . එහෙම අයට පවන් ගහලා හරි යන්නෙ නැහැ. කස පහර නියම කරන්න.
gunarathna Wednesday, 12 March 2025 05:15 AM
මොකද්ද මේ වචනේ තේරුම ?මුලින් වරෙන්තු දීලානේ තිබුනේ .දැන් දුටු තැන අල්ලන්න වරෙන්තු දාලා .ඉස්සරවෙලා නොදුටු තැන අල්ලන්න වරෙන්තු කෙරුවේ