
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටි දේශබන්දු තෙන්නකෝන් සැගවී ඇතැයි සැක කරන ස්ථාන දහයක් පරික්ෂා කර ඇති බවත් එහෙත් ඔහු සොයා ගත නොහැකි වු බවත් ඊට අමතරව තවත් ස්ථාන 18 කට බුද්ධි නිලධාරීන් යොදවා තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනා සාගරේ ඕයි...
මයිනාගේ ගෙදර ඇද යට ඇති හැංගිලා
දුටු තැන අල්ලන්න. ඊට පෙර ඔහු ඉන්න තැනක් හොයාගෙන ඉන්න ඕනෑනේ? ආඳෙක් වගේ මෑන් කාරයා ලිස්සා ගියා වගෙයි. මුළු ලෝකයම පීරන්න වෙයිද දන්නෑ...!!!
දේශබන්දුත් දැන් සෙව්වන්දි ගානට වැටුනා නේ .ඕක තමයි කියන්නේ ඊයේ රජා අද බල්ලා උනා කියලා
රටේ නීතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහල තනතුරුවල කටයුතුවල සිටි පිරිසගේ නීති ගරුකභවේ තරම පේනවා නේද?. ඒ විතරක්ද දිනපතා පලවන පුවත් ටිකක් විමසිල්ලෙන් බලන්න මේ රටේ නීති ආරක්ෂා කරන්න අවශ්‍ය පිරිස් කුඩු විකුණනවා, මිනී මරන්න උදව් කරනවා, ස්ත්‍රී දුෂණ කරනවා. මේක ඇත්තට ලංකාවද? කැලිෆෝනියාවද?
රටේ නීතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහල තනතුරුවල කටයුතුවල සිටි පිරිසගේ නීති ගරුකභවේ තරම පේනවා නේද?. ඒ විතරක්ද දිනපතා පලවන පුවත් ටිකක් විමසිල්ලෙන් බලන්න මේ රටේ නීති ආරක්ෂා කරන්න අවශ්‍ය පිරිස් කුඩු විකුණනවා, මිනී මරන්න උදව් කරනවා, ස්ත්‍රී දුෂණ කරනවා. මේක ඇත්තට ලංකාවද? කැලිෆෝනියාවද?
එම නියෝගය නිසා මහේස්ත්‍රාත්වරයා තවත් වාරයක් නීතිය උල්ලංඝනය කළා වෙනවා.
පොලිසියේ සහ අධිකරණයේ වත්මන් කටයුතු හොඳින්ම දන්නා නිසා හිටපු පොලිස්පතිවරයා ඉදිරියට ඒමට කැමති නැත. ඔවුන්ගේ යටි අරමුණ කුමක්දැයි ඔහු දනී. උදාහරණයක් ලෙස, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සම්බන්ධ නඩු විභාග හසුරුවන ආකාරය දෙස බලන විට, මෙම ප්‍රධාන ආයතනවල යම් දෙයක් බරපතල ලෙස වැරදී ඇති බව අපි දනිමු. පොල් ගෙඩි කිහිපයක් සොරකම් කිරීමේ නඩුවේදී මිනිසාට එය බෙහෙවින් වෙනස් ය.
දුටු තැන අල්ලනවා වෙනුවට දුටු තැන මරන්න කිව්වානම් මේ වෙනකොට මෙයාගෙ ප්‍රශ්නෙ ඉවරයි. මිනිස්සු මොහුව සොයන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ මහන්සිවෙලා හොයලා දුන්නාම ඊළඟ දවසෙ හෝ එදිනම ඇප දීලා එලියට දානවා. ඉතින් මොකටද මහන්සිවෙන්නෙ ඔය නීතිපොත් අලුත් වෙනකම් මේවගේ අමනයෝ මෙල්ල කරන්න බැහැ. හිර්‍රෙට දාපුගමන් රෝහල් ගතවෙනවා ඇයි එහෙම කරන්නෙ. දුප්පත් මනුස්සයකුට පෝලිසියෙන් ගහලා කුඩුවට දාපුවම ඒ මනුස්සයට පුලුවන්ද රෝහල් ගත වෙන්න බැහැ ඒ අයට වෛද්‍ය වාර්තා ඕන. හැම දේම අලුත් වෙනකොට මේ ආදිකාලේ නිතීඅයින්කරලා දියුනුවෙන ලෝකෙට ඔබින නිති ගේන්න . ඒ කාලේ තාක්ෂනය අතින් දියුනු නැති රටක්. දැන් එහෙම නැහැ. දරුනු දේවල් වෙන්නෙ. මිනිස්සුත් දරුණුයි . එහෙම අයට පවන් ගහලා හරි යන්නෙ නැහැ. කස පහර නියම කරන්න.
මොකද්ද මේ වචනේ තේරුම ?මුලින් වරෙන්තු දීලානේ තිබුනේ .දැන් දුටු තැන අල්ලන්න වරෙන්තු දාලා .ඉස්සරවෙලා නොදුටු තැන අල්ලන්න වරෙන්තු කෙරුවේ