IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කිරිවෙහෙර විහාරාධිපතිගෙන් පැය 7ක් ප්‍රකාශ ගනියි

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයන් ලබාදී ඇති බව කියන නිවසක් සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උන් වහන්සේට කළ දැනුම්දීමකට අනුවය.

ඒ අනුව කොබවක ධම්මින්ද හිමියෝ අද  (11) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සවස 4.10 ට පමණ ඉන් පිටව ගියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසල ධම්මින්ද හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ උන් වහන්සේ මීට පෙර ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් අතර වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ බවය.

 

 



අදහස් (2)

කිරිවෙහෙර විහාරාධිපතිගෙන් පැය 7ක් ප්‍රකාශ ගනියි

Nandalal de Silva - France Tuesday, 11 March 2025 09:45 PM

උන්වහන්සේ ගැන පැතිර යන ආරංචි අනුව තව කිහිප වතාවක් උනත් CID චාරිකාවන් සදහා, එහාට වඩින්න වෙන්නත් බැරි නෑ !!!!

:       1       4

Kazi Shajahan Wednesday, 12 March 2025 04:45 PM

රාජපක්ෂලා ඔබ වහන්සේලාගේ ප්‍රධාන දායකයෝ නේ... ආපුවාම පිරිත් නූල් ගැටගහලා, කරඬුව ඔලුවට තියලා, කොහොමද කරලා තියෙන දේවල්..? දැන් හොරාට හදපු ගෙවල්වල අයිතිකාරයෝ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site