
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබේ.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අත්සනින් යුතුව කළමනාකාර අධ්‍යක්‍ෂ තනතුරෙන් වාහාම ඉවත් කළ බව ලිඛිතව දැනුම්දී තිබේ.
වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වරාය අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත් මහතා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරය ලෙස ගණක හේමචන්ද්‍ර මහතා පත්කළ අතර ත්‍රිකුණාමලය වරායේ තිබූ නියමු යාත්‍රාවක් අවභාවිත කරමින් කෝටි 20 කට අධික කපාඩුවක් කළ යැයි චෝදනාව ඇතුළු චෝදනා රැසක් ඒ මහතාට එරෙහිව වරාය වෘත්තීය සමිතිවලින් එල්ල විය.
වර්තමාන ආණ්ඩුව පත්කළ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට වරාය අමාත්‍යවරයා ගත් තීරණය අගය කරන බවත් එම තීරණය මෙරට ආර්ථික වෙනුවෙන් ගත් හොඳ තීරණයක් බවත් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd