(ජේ ඒ එල් ජයසිංහ)

සංචාරක ව්‍යාපාරයක් සඳහා කබානා ඉදිකර දෙන බව පවසා මුදල් ලබාගෙන ,එයින් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පිළිබඳව විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශණ කොට්ඨාසය අඩංගුවට ගෙන,මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන ලද කෑගල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා ලබන 09 වන දින තෙක් ,රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා අද නියෝග  කළේය,

මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ කසුන් මධුසංඛ බණ්ඩාර යන සැකකරුය,

සංචාරක ව්‍යාපෘතියක් සඳහා කබානා 18 ක් ඉදිකිරීමට සැකකරු රුපියල් ලක්ෂ 610 ක,මුදලක් ලබාගෙන ඇති බවත්,එයින් කබානා 14 ක් ඉදිකර ඉතිරි මුදල් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කර ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ,පොලීසිය කරුණු වාර්තා කළේය,

මෙම ව්‍යාපෘතිය 2025 මැයි 24 ආරම්භ කර ,2026 පෙබරවාරි මස 11 වැනි දින අවසන් කිරීමට නියමිතව තිබූ බව ,පොලීසිය අධිකරණයට දන්වා සිටියේය,

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණ මත,එම අංශයේ විමර්ශණ නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.