
(රෝෂන් තුෂාර)
ගෝල්ඩන් කී පුද්ගලික සමාගම නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අය කරනවා කරනවා ද නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ජූලි මස 29 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්ෂකවරයකු සිටියදී මිය ගිය ලලිත් කොතලාවල , සිසිලියා කොතලාවල හා කාවන් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂකවරුන් අට දෙනකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩු තුනක් කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළාය.
2002 වසරේ සිට 2009 වසර දක්වා නොගෙවා පැහැර හැරි වැට් බද්ද වන රුපියල් 16966816.83ක්, ජාතිය ගොඩනැගීමේ බදු වන රුපියල් 38679770.80 ද 2018 වසර සඳහා නොගෙවා පැහැර හැරී රුපියල් 2242 097.00 ක වැට් බදු මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩු තුන 2021 වසරේ පවරා තිබිණි.
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි පහක ගෝල්ඩන් කී බදු ගන්නවා ද නැද්ද අධිකරණයට කියන්න කියයි