
(අංජුල මහික වීරරත්න)
බස් රථ වල නිර්මාණය (Design) වෙනස් කිරීම් සහ විකරණය (Modification) සම්බන්ධව නෛතික තත්ත්වය
මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහන වල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කළ හැකිය.
ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලායි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
එහෙත්, පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම් වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබ ඇත. එහෙත්, ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නොමැත.
එබැවින්, මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන, බස් රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියා කිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් කරදරකාරී සංගීත පද්ධති සහ හොන් වලට නම් අවසර දෙන්න එපා.
හරි සරලයි... ජනතාවගෙන් අහන්න... මාර්ගගත සංගණනයක් කරන්න තීරණයක් ගන්න
සියලු පොදු ප්‍රවාහන බස්රථ, ත්‍රීරෝද, පාසල් ළමුන් ප්‍රවාහන රථ ආදී වාහනවලට වර්ණ ලබාදී ඒ නියමිත වර්ණය පමණක් භාවිතා කිරීමටත් වෙන් වෙන්ව හඳුනගන්න ලියාපදිංචි අංකයක් විශාල අකුරෙන් බඳෙහි නියමිත ස්ථානයක ප්‍රදර්ශනය කිරීමටත් නීති ගෙන ඒම කළ යුතු දෙයක්.
කමිටුව තීරණ ගන්නවා වගේම ඒවා ක්‍රියාත්මක කරන්න - බස් රථ වල කන පැලෙන්න දාන බජව් නවත්වන්න! එය පරිසර-ශබ්ද දුෂණය සේ සළකා ඊට විරුද්ධව නීති-පනවන්න!
මා දැනට පදිංචි මෙරටෙහි, අපෙ " සකල සිරින් පිරි සිරි ලංකාවේ " වගේ පාවෙන තොරණ වැනි විවිධ වර්ණ වලින් සමන්විත බස් රථ ඇත්තේම නැහැ. පොදු බස් රථ , දෑසට ප්‍රිය ජනක වර්ණවලින් අලංකාර කර, ගමනාන්තය පැහැදිලිවම පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය කර තිබෙනවා. අපෙ රටේ සමහර බස් රථ වල අතුල්ලා තිබෙන පාට අස්සේ, ගමනාන්ත පුවරුව සොයාගන්නා විට බසය පිටත්වී හමාරයි !!! ඒ වගේම අප වාහනයක් මිලට ගෙන එයට විවිධ ගැජට් සවි කිරීමට නම්, රජයේ අනුමතය අවශ්‍ය වෙනවා. පිටත සවිකරන ගැජට් කෑලි නිසා මාර්ග අනතුරු හො පදිකයින්ට අනතුරු වළක්වා ගැනීම මෙහි ප්‍රධානතම හේතුවයි... එය අපටත් වලංගු නේද ...???
බාහිර සැරසිලි කෙසේ වෙතත්, මේ අය නීති කඩමින්, මිනිස්සු මරන එක ගැන නෙවෙයිද අවධානය යොමු විය යුත්තේ?