
(මනෝප්‍රිය ගුණසේකර)
‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ගෙන් එම මුදල් අය කර ගැනීමට නියෝග කරන්නයි ඉල්ලා පරිසරවේදියකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළේය.
නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ගොනු කල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සිද්ධිය වන අවස්ථාවේදී හිටපු ආරක්ෂක බලධාරීන්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් නම් කර අත.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයා වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය පෙබරවාරි 5 වැනිදා ප්‍රව්‍යත්ති සාකච්ඡාවකදි ‘ගෝඨා ගෝගම‘ අරගලය අවස්ථාවේදි නිවෙස්වලට හානි වූ බව කියන මැති ඇමතිවරුන් 43 දෙනකුට වන්දි ගෙවා ඇති ආකාරයත් එහිදී මහජන මුදල් අවභාවිතා කර ඇති ආකාරයත් පැහැදිලි කළ බවත් සම්බන්ධයෙන් පසුදින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය මගින් පුළුල් ප්‍රචාරයක් දුන් බවත් සදහන් කරන පෙත්සම්කාර රවින්ද්‍රනාත් දාබරේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී සමස්ථ මැති ඇමතිවරුන්ට ලැබිය යුතු සමස්ත වන්දි මුදල ලක්ෂ 25 ක් වු නමුත් දේශපාලන බලපෑම් සහ බලය අවභාවිතා කිරීමෙන් නීත්‍යානුකූලව හිමිය යුතු මුදලට වඩා ඉතා වැඩි මුදල් ප්‍රමාණයන් ඔවුන් ලබාගෙන ඇති බව හෙළි වූයේ යැයිද සඳහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු මැති ඇමැති 43කගේ නිවාස වන්දිවලට එරෙහිව පෙත්සමක්
fairoos Wednesday, 12 March 2025 12:20 PM
බයියන්ට දැන් සැපද? පොහොට්ටුවේ කාලකන්නි හිටියා නම් අද ලංකාව ඉතියෝපියාව වෙලා