IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අදානිගෙන් කොළ එළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තම සමාගමට හැකි බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

වසර දෙකක දීර්ඝ සාකච්ඡාකට පසුව ගාස්තු සඳහා ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබාදෙන තෙක් මෙගාවොට් 484 ක සුළං පුනර්ජනනීය උත්පාදන ව්‍යාපෘතිය සහ කිලෝ වෝල්ට් 220 ක සහ 400 ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරීමේ ව්‍යාපෘති දෙක ඇතළු ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අතී නවීන තාක්ෂණය යොදා ගනිමින් අවසන් කිරීමට අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම උත්සාහ කළ බව බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇත.

නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියත් කිසිම නිල සන්නිවේදනයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් සිය සාමාගම මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

 



අදහස් (4)

අදානිගෙන් කොළ එළියක්

යෝගා Wednesday, 12 March 2025 09:48 AM

ඕක කොළ එලියක් නෙමෙයි චන්ඩි පාට් එකක්. අදානි කියන්නේ එයා කියන ගණනට වරෙන් නැත්නම් නිකම් හිටපන් කියලා. වඳුරු ආණ්ඩුවට වෙන්නේ මෝදිට වැඳලා සහනයක් ඉල්ලන්න.

:       20       14

දිනේෂ් Wednesday, 12 March 2025 01:46 PM

යෝගා, හරියට එකක් කියන්නකෝ. මේ ව්‍යාපෘතිය කරන්නද, එපාද? මේ ආන්ඩුවෙන් කරනවා කිව්වත් බනිනවා. නෑ කිව්වත් බනිනවා...!

:       5       6

prabash Wednesday, 12 March 2025 01:48 PM

ඕන නෑ... පෙර අය ලොකු ගාණකට යුනිට් එකක් ගන්න පොරොන්දු වෙලා ඇති. ඒක තමයි. මම හරියට කිව්වා පස්ස ගහනකොට ඒක තමයි හේතුව කියලා.මේක අදානිට කොළ එළියක් වුණාට පාරිභෝගිකයින්ට රතු එළියක්... ගන්න නම් එපා.

:       4       8

සිල්වා Wednesday, 12 March 2025 04:54 PM

බංකොළොත් රටක කව්ද ආයෝජනය කරන්නේ? කබ්රාල් ග්‍රීසියේ ආයෝජනය කළා වගේ අදානිලා කරයිද.?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site