‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘
ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයකු, ගීත රචකයකු සහ ව්‍යවසායකයකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.