
(ජේ.ඒ.එල් ජයසිංහ)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගේ යෝජනාවක් නොවෙයි 200 කට අධික විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයකගේ යෝජනා. ඒ අනුව නව කෝණයකින් යුක්තව ධනාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රමානූකූලව සිදුවනවා. ඒ තුලින් ජනතාවට අහිමි වූ බොහෝ දෑ යළි දිනා ගැනීමට හැකියාව පවතිනවා යැයි අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරීනී අමරසූරිය මෙනවිය පැවැසුවාය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අදාළ පාර්ශව දැණුවත් කිරීමේ රැස්වීමට සහභාගි වෙමින් අගමැතිවරිය එසේ පැවසුවාය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරිය මෙසේද පැවසුවාය.
රජය දියත් කරන්නේ කෙටිකාලීන නොව දීර්ඝ කාලීන ප්‍රථිපල ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් ,විෂය නිර්දේශ වෙනස් කිරීම පමණක් නොව සමස්ත අධ්‍යාපනයේ ධනාත්මක වර්ධනයක් නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මගින් අපේක්ෂා කරනවා ,එහි ප්‍රථිපල කෙටි කාලීනව නොව වසර දහයක පමණ දීර්ඝ කාලයක් තුලදී අපේක්ෂා කල හැකියි.
ඉකුත් පාලන සමයේදී සැලසුම් කරන ලද ප්‍රතිසංස්කරණවල දීර්ඝ කිරීමක් නොවෙයි වත්මන් ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ අධ්‍යාපනය හේතුවෙන් ජනතාවට අහිමි වූ දෑ යලි ලබාදීම සඳහායි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් කාළය දීර්ඝ කළේ ඇයි? 1.30 ට පාසල් නිම කිරීමෙන් විෂය නිර්දේශය සම්පුර්න කිරීමට කාලය මදි වූවාද ?
මේවා මේ ආණ්ඩුවේ දේවල් නොවේ නම්, ඇයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ? ආණ්ඩුවට බැරිද ඊට වඩා හොඳ ප්‍රතිසංස්කරණ ගෙනෙන්න? ආණ්ඩුවට ඒ සඳහා උවමනාවටත් වඩා බලය තිබෙනවා. ඉතින් පසුගිය ආණ්ඩුවේ වැඩ කියා කෙඳිරි ගාන්නේ නැතිව කාලය කාදමන්නේ නැතිව වඩා හොඳ ප්‍රතිසංස්කරණ ගෙනෙන්න.
පාසල් වෙලාවෙන් පස්සෙ තියෙන ටියුෂන් පංති තහනම් කරන්න පුළුවනි නම් හොඳයි. හවස 2 ක් පස්සෙත් ළමයි ඩෙස් බංකු උඩ ඉන්න අධ්‍යාපන ක්‍රමයෙන් නිරෝගී පුරවැසියන් බිහිවන්නේ නැහැ.
හරිම හොද ක්‍රමයක් මේ ස්ථාපිත කරන ලද්දේ. ස්තූතියි අගමැතිතුමියනි
එහෙනම් අරයාගෙද? අරයා...
ලිංගික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නම් ඔයාගේ...
එහෙනම් මගේද?
තමන්ගෙ නෙමේ කියන්න උත්සහ කරන්නෙ නව ප්‍රතිසංස්කරණය හොද නෑ කියල වැටහුන හින්දනෙ. බලය තියෙන්නෙ අපට නෙමේනෙ. අනුන්ගෙ පිටට දාලා රට අගාදයට දන්නා එපා. කරුණාකරල හරි දේ කරන්න.