
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් ඉදිරිපිට පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට 12 දෙනෙක් බිලි වූහ. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 27 ක් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේය.
බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට බොහෝ දෙනකු සිටි බව පැවැසෙයි. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් යැයි මේ වනවිට තහවුරු වී ඇත. බෝම්බකරු අධිකරණයට පිවිසෙන ගේටටුව අසලට පැමිණ, පොලිස් නිල රථයක් අසලදී බෝම්බ පුපුරුවා ගත් බව පැවැසෙයි.
අධිකරණ ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු මියගිය සහ තුවාල ලැබූවන් අතරේ සිටින බව පැවැසෙයි.
පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ පාකිස්තාන තලේබාන් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය හෝ ටීටීපී ත්‍රස්ත සංවිධානයයි. කෙසේ නමුත් ඊයේ සිදුවුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.
පාකිස්තානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතරේ ගැටුම් පවතින්නේ ද පාකිස්තාන තලේබාන් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ සහාය සහ අනුග්‍රහය ලැබෙන බැවිනි.
ඇෆ්ගන් තලේබාන් සහ පාකිස්තාන තලේබාන් යනු එකිනෙකට වෙනස් මතදරණ ඉස්ලාමීය කණ්ඩායම් දෙකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්තානයට සහ ඉන්දියාවට අයත් විශාල භූමි ප්‍රදේශයක් පාලනය කරන්නේ පකිස්තානය. එක නීති විරෝධීව අල්ලා ගත් බල ප්‍රදේශ.
මෙවැනි රටකට ඇයි අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් එව්වේ..?