පොලිසිය යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලායයි
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.