IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජනමාධ්‍ය විශිෂ්ටයෝ 5 ක් යාවජීව සම්මාන ලබති

(යොහාන් භාසුර)

‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටන් පස්දෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මාන ලැබූහ.

පුවත්පත් ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ‘ලංකාදීප’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ ප්‍රාමාණික මෙවෙර අගය කරමින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රූපවාහිනි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ශාන් වික්‍රමසිංහ, ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් බී.එච්. අබ්දුල් හමීඩ් යන මහත්වරු සහ රූපවාහිනි ළමා වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා කළ සේවය වෙනුවෙන් ලලිතා සිරිබද්දන මහත්මිය මෙහිදී විශේෂ සම්මාන ලැබූහ.

පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි ආදි ක්ෂේත්‍රයන් කීපයක 2023 වසරේ පළකිරීම් සහ විකාශනයන්ට අදාලව මෙම සම්මාන ප්‍රදානය කළේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහූ ඇතුළු ආරාධිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

ජනමාධ්‍ය විශිෂ්ටයෝ 5 ක් යාවජීව සම්මාන ලබති

wedage Wednesday, 12 November 2025 09:45 AM

shan wickramasinghe කෝ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site