‘‘ආර්ථික මධ්‍යස්ථාන 18 රාජ්‍ය සමාගමක් කරනවා‘‘
ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර සම්පූර්ණ කොටස් අයිතිය මහ භාණ්ඩාගාරයට ඇති රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් ආර්ථික මධ්‍යස්ථාන කිසිඳු ආකාරයකින් පෞද්ගලීකරණය නොකරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට පැවසීය.