
(සුමිත් පොතුපිටිය)
පානදුර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය සමවී සභාපති වරයාගේ තීරක ඡන්දය ලබාදීමෙන් පසු සභා සම්මත විය.
සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති ධර්මසිරි පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් අයවැය ඉදිරිපත් කරනු ලැබීය.
එය සම්මත කරගැනීමට පෙර ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී හේමන්ත ප්‍රනාන්දු මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය එජාප මන්ත්‍රීනී චන්ද්‍රලතා ප්‍රනාන්දු මන්ත්‍රී වරිය ස්ථිර කරන ලදී
පසුව ඡන්ද විමසීම සිදුකල අතර , එහිදී අයවැයට පක්ෂව ඡන්ද 23 ක් ද , විරුද්ධව ඡ්න්ද 23 ක් ද ප්‍රකාශ කරන ලදී.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 22 ක් සහ ස්වාධීන මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර , ඡන්ද සමවීමෙන් පසු සභාපති වරයා ගේ තීරක ඡන්දය පක්ෂව ලබාදීමෙන් අනතුරුව අයවැය සම්මත විය.
පානදුර ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ මන්ත්‍රී වරුන් ගණන 46 ක් වන අතර, මන්ත්‍රී වරුන් 22 ක් ජාතික ජන බලවේගය නියෝජනය කරති.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සභාපතිගේ තීරක ඡන්දයෙන් පානදුර අයවැය සම්මතයි
Saman Monday, 17 November 2025 03:41 PM
හොදවෙලාවට තීරක ඡන්දයක්වත් තිබ්බේ. නැතිනම් ඒකත් පරදිනවා. රහස් ඡන්ද නැතිහින්දා පිරිසිදු මාලිමාවට මාර පාඩුයි.