
(රංජිත් රාජපක්ෂ)
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ අද පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ
උද්ඝෝෂණවයට ආ වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ඝෝෂණය නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවයි.
විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති බවත්, තමන්ගේ දුක දන්නා පාලකයන්ට ඉදිරියෙදි තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
බගවන්තලාව නගරයෙදි මිනී පෙට්ටියක් රැගෙන වතුකම්කරුවන් උද්ඝෝෂණය කරමින් නාමල් රාජපක්ෂ මහතාගේ පිලිරුවක් සකස් කර එයට ද නගර මධ්‍යයේදි ගිනි තබා වැටුප් වැඩි කිරිමට විරුද්ධ වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපද ගිනි තබනු ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ල නිකන් උඩ පැන පැන ඩෙගා නැටුවාට, ඡන්දේ කිට්ටු වෙනකොට තොන්දමන්ලාගේ උගුලට අහුවෙනවා.., තොන්දලා ඇවිත් කස්සිප්පු කාලක් දීලා ප්‍රාඩෝ එකේ ඡන්දපල ළගට බැස්සුවා නම් ඡන්දෙ දෙනවා. මෙදාපාර තොන්ඩාගේ සංවිධානේ පොඩි අවුලක් තිබුණු නිසා වැඩේ මිස් වුණා... ලබන පාර මුළු ශක්තිය සහ පළපුරුද්ද යොදවලා තොණ්ඩ ගේමට බහිනවා.
මගේ අදහස නම් පඩි වැඩිවීම සියළුම පුද්ගලික අංශයේ සේවකයින්ට දෙන්න ඕනේ. එක පිරිසකට විතරක් නෙවෙයි. මොකද ජීවන වියදම් බර රටේ සෑම සියළු දෙනාටම එක සේ බලපානවා. පඩි වැඩි කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම ආන්ඩුවේ වගකීමක්. දෙන පොරොන්දු රටේ කොටසකට විතරක් දෙන්න බෑ. සියළු ජන කොටස්වලට එක සේ සැලකිය යුතුයි. එහෙම වෙනස් විදියට සලකන්න ගියාම තමයි බේද ඇති වෙන්නේ, සාමය නැති වෙන්නේ. මේ තියෙන්නේ හොඳම උදාහරණයක්. වගකිවයුතු ආන්ඩුවක් පටු දේශපාලන වාසි තකා රටේ සාමය, සමගිය, සහෝදරත්වය නැතිවෙන විදියට කටයුතු නොකළ යුතුයි.
මේ වගේ ආණ්ඩුවක් පත් වුනේ ජාතියේ වාසනාවට. වතුකරේ ජනතාවට නොමිලේ පොලුත් ගෙනිහින් දීලා ගහන්න කියලා.
ඔන්න ඔයටික දැනගෙන තාම විරුද්ධ පක්ෂයේ හිටියත් පක්ෂව ඡන්දය දුන්නේ... විරුද්ධ වුණු අය දැන් ඉතින් කාපන් පුන්නක්කු...
පොටෝ ඒකක්වත් විශ්වාස නොකළ යුතුයි කියල පැරණි කියමනක් තිබේ. ඒහෙත් ඔවුන් තම සුළු ජාතිය වෙනුවෙන් හඩ අවදි කිරීම නිවැරැදියි..
මාලිමාවේ මෝඩ ප්‍රතිපත්තිය නිසා දැන් අලුත් අර්බුදයක් ඇවිත්, දැන් අනෙකුත් පෞද්ගලික සමාගම් සේවකයන්ටත් රජයේ දීමනාව ඉල්ලන්න අයිතියක් තියෙනවා...
එක පැත්තකට ඡන්දය අඩුවෙලා තව පැත්තකට ඡන්ද ගොඩ වැඩි වෙන කොට පුදුම ආසාවක් දැනෙනවා ඇති නේද?
ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත දේශපාලුවන්... බලය ලැබුණාට පස්සේ කෙරුවේ ඔවුන්ගේ අය ළන්කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු එක. බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ අසරණ වතුකම්කරුවන්ගේ ලේ දහඩිය මහන්සිය හූරාගෙන කෑවාට සාප වෙනවා. පොල් ගහලා විතරක් මදි.. හෙන හතම වදින්න ඕනෑ...