අපරාධ නඩු විධාන කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබේට අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද(20) දැනුම් දුන්නේය. 20 May 2025
හිටපු ජනාධිපති මහින්ද රණවිරුවන්ට උපහාර දක්වයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. 20 May 2025
රණවිරු උළලේ කලබල කළ පියකු - දරු දෙදෙනකු අත්අඩංගුවට රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසයි. 20 May 2025
රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවට බ්‍රසීලය එක්ක ගිවිසුමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
ටක්කෙටම අනාවැකි කියන්න ’’කාලගුණේට’’ හයියක් දෙයි දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස උපදේශන සමාගමක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත වෙනස් කරන්න යයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට (මරණ පරීක්ෂණ) කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතියට අනුමැතිය ’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
රූපවාහිනිය චීනය සමඟ ගිවිසුමක් මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
දේශීය ආදායම් පනත සංශෝධනයට දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
කෙහෙළියගේ නඩුවට පුතාවත් සැකකරුවකු කරයි ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවාගෙන ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ඇමතිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සැකකරු ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළාය. 20 May 2025
වාණිජ අධ්යක්ෂ ජනරාල් පත්කරයි වාණිජ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපිට තර්ජන ආණ්ඩුව විවේචනය කිරීම නිසා තමන්ට දැඩි තර්ජනයට ලක්වන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
මන්ත්‍රී රෝහණ බණ්ඩාරට තර්ජන එල්ල වෙලා කැබති ගොල්ලෑව මැද මැදවච්චිය පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවන්නට කටයුතු කිරීම නිසා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
මීනගයා දුම්රියේ ගැටුණු වන අලියා මියයයි හබරණ හා හතරැස් කොටුව අතරදී මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ අද අළුයම ගැටුණු වන අලියා මියගොස් ඇතැයි පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. 20 May 2025
හොරණ සෙරෙප්පු සමාගමකට වාරණයක් අසාධාරණ සහ අයුක්ති සහගතලෙස ලාභ ඉපයීමේ චේතනාවෙන් ජනප්‍රිය වෙළෙඳ නාම අනුකරණය කර පාවහන් යුවළක් නිෂ්පාදනය ,බෙදා හැරීම හා අලෙවිකිරීම වළක්වමින් හොරණ පාවාහන් නිෂ්පාදන සමාගමකට වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු පි.පි.රත්නායක මහතා නිකුත් කළේය. 20 May 2025
අපරාධ වැඩි පොලිස් කොට්ඨාස පනස් දෙකක් වැඩිපුර අපරාධ සිදුවන පොලිස් කොට්ඨාස පනස් දෙකක් හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
පුංචි සභා ලොක්කන්ට මැකෝගෙන් නියෝගයක් පළාත් පාලන ආයතනවල සභාපති සහ නියෝජ්‍ය සභාපතිවරුන් සභික නම් ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත පත් කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත. 20 May 2025
නිධන් ගන්න ගිය 5ක් මාට්ටු ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි. 20 May 2025
දේශබන්දු කමිටුව 28 යළි රැස්වේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 20 May 2025
අපේක්ෂක නම් භාගෙට භාගයක් තවම නෑ පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකගේ නම් ඒ ඒ දේශපාලන පක්ෂ මෙතෙක් බාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 20 May 2025
කලුතර ගෙවල් බින්ද පිය පුතු මාට්ටු කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 20 May 2025
අදත් තද වැසි නිරිත දිග මමෝසම් තත්ත්වය දිවයින් හරහා ක්රමයන් ස්ථාපිත මවමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 May 2025
මෙරට සියයට 54ක් ණය බරින් මිරිකිලා නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ. 20 May 2025
මීනගයා පීලි පනී කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියට ගල්ඔය සහ හබරණ අතර අද අලුයම හතරට පමණ වන අලියකු ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇති බව හබරණ පොලිසිය කියයි. 20 May 2025
ආසියානු රටවල නව කොවිඩ් ප්‍රභේදයක් ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 20 May 2025
ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක් රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. 20 May 2025
නැදිමාල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය මීගොඩ කළුවලදෙනිය ප්‍රදේශයේ වෙල්යායක් අසල අතහැර දමා ගොස් තිබියදී හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි. 19 May 2025
පොලිස්පතිගේ විරෝධතා කමිටුව විසි කරයි විෂමාචාර සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පස්වරුවේ පළමුවරට පෙනී සිටියේය. 19 May 2025
ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ. 19 May 2025
නව පත්වීම් ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයෝ අගමැති හමුවෙති ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (19) හමුවූහ. 19 May 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026