
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී අද(14)පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කර ගැණුන අතර බ්‍රිතාන්‍යය ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සෝපර් (Tom Soper) දේශපාලන උපදේශක ඉන්සාෆ් මාකර් (Insaf Markar) ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ මධූ කල්පනා මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ටිල්වින්- බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
sarath Friday, 14 November 2025 03:35 PM
යකෝ මු ඊයේ විජේවීර සහෝදරයාගේ අනුස්මරණයට ගිහින් ලොකු ටෝක් එකක් දීලා පැය 24 යන්න කලින් විජේවීර සහෝදරයා ප්‍රතිපතියක් වශයෙන් තරයේ විරුද්ධ වුණ අධිරාජ්‍යවධින්ගේ ලංකාවේ නියෝජිතයා ගෙදරටම ගෙනත් පිළිගෙන ඩිල් දමනවා කියල දන්නවා නම් , මූට 88 දීම වෙඩි තියල මරලා දමනවා ,
Nishan Monday, 17 November 2025 09:37 AM
තානාපතිට ආරාධනා කළාම එයා බැහැ කියන්නේ නෑ. ඒ ආවාම ෆොටෝ අරන් මාධ්‍යයට දානවා. හරියට බ්‍රිතාන්‍ය ඉන්නේ අපිත් එක්ක වගේ පෙන්නන්න. මේ නාටක මාලිමා ආණ්ඩුව යටතේම පමණයි...