
(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන තුන්වැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 211 කට සීමාවිය.
පාකිස්තානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.24 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 212 ක් රැස් කළ යුතුය.
පාකිස්තානු පිලේ නායක ශහීන් ෂා අෆ්රිඩි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.
ශ්‍රී ලංකා පිල ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 211 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 29, කුසල් මෙන්ඩිස් 34, සදීර සමරවික්‍රම 48, පවන් රත්නායක 32, මොහොමඩ් වසීම් 47/3, ෆයිසාල් අක්‍රම් 42/2, හැරිස් රවුෆ් 38/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් කෝටි ගණන් වැටුප් ලබනවා. නමුත් මොවුන්ට අදායම් බදු ගෙවන්නත් බැහැලු..., ඕවර 50 බැට් කරන්නත් බැරිලු...