මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත. 17 March 2025
පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 16 March 2025
‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘ අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 16 March 2025
ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත් බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍රදේශවාසී පාසල් දරුවන්ට පොත් කට්ටල ද, අද (16) ප්රදානය කළේය. 16 March 2025
ඉන්දියා ගිහින් ආ හය දෙනකුට නිව්මෝනියා තත්වයක් දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමට පැමිණි හයදෙනකු හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක් නිසා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 16 March 2025
රෑනෙන් හැළුණු අලි පැංචෝ පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් වෙන් වූ අලි පැටව් දෙදෙනකු හමුවී ඇතැයි ගම්වාසීහු පවසති. 16 March 2025
අභිනව මහා නා හිමිට මුස්ලිම් පල්ලියෙන් උපහාර කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම කරවා උපහාර පිදීමේ උත්සවයක් එම මුස්ලිම් පල්ලියේ අශේක්. රිෂාඩි මව්ලවි තුමන් ඇතුළු පිරිසක් සංවිධානය කර තිබුණි. 16 March 2025
දේශබන්දු අල්ලන්න සී.අයි.ඩී. කණ්ඩායම් හයක් අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. 16 March 2025
බඩඉරිඟු බෑගයක සඟවා ගණදෙවි පිළිමයක් ගෙනැවිත් පුරාවස්තු වටිනාකමක් ඇති ගණදෙවි පිළිමයක් විකිණීම සදහා බඩඉරිගු බෑගයක සගවා මන්නාරම සිට කොළඹ දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකු මුරුක්කන් ප්‍ර දේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බව මුරුක්කන් පොලිසිය පවසයි. 16 March 2025
වෙලේ සුදාගේ මල්ලී සොයා පොලිස් කණ්ඩායම් දෙකක් බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය. 16 March 2025
උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර බදුල්ල අතර දුම්රිය ගමන් වාර දෙකක් අද (16) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 16 March 2025
හවුති සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. 16 March 2025
ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි ඇමෙරිකාවේ ගිණිකොනදිග ජනපද කීපයකට ටෝනාඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මරණ 34 ක් වාර්තා වන බවය. එයින් මරණ 12 ක් වාර්තා වන්නේ මිසෝරි ජනපදයෙන් බව ද පැවැසෙයි. 16 March 2025
‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘ බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 16 March 2025
කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක් කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත් එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කරඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය. 16 March 2025
‘ඊෂි කෑෂ්‘ක්‍රමයට හෙරොයින් විකිණු පෙම් යුවළ මාට්ටු පානදුර පින්වත්ත සහ අවට ප්‍රදේශවල ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ පෙම් යුවළක් රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් මත්කුඩු සහ යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක් සමඟ අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. 16 March 2025
මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි 16 March 2025
මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන් මහත්මිය ඊයේ (15) නියෝග කළාය. 16 March 2025
නිධන් හෑරු 9ක් අල්ලයි සූරියවැව මහවැලි කඩආර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි නව දෙනෙකු ඊයේ (15) සවස අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය . 16 March 2025
අවුරුදු කටේ දින තුනක් පාර්ලිමේන්තුව රැස් වෙයි පාර්ලිමේන්තුව අප්‍රේල් 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට තීරණය වී තිබේ. 16 March 2025
ඇල්ල-වැල්ලවාය පාර එක් මං තීරුවක් විවෘත කරයි ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ 20 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාම නිසා ඇතිවූ අවදානම් තත්ත්වය ඉතා අවම මට්ටමකට මේ වන විට පැමිණ ඇති බැවින් එක් මං තීරුවක් අද( 16 ) පැය විසි හතර පුරා විවෘත කර තැබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය. 16 March 2025
අයවැය අස්සේ තවත් විවාදයක් දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව 6.00 සිට 8.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. 16 March 2025
ගුවනේදී මනමාලකම් කළ මගියා අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද(16) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය කියයි. 16 March 2025
බටලන්ද විවාදයට දින නියම කරයි බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය අප්‍රේල් 10 වැනිදා ඇරැඹීමටට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 16 March 2025
මංකොල්ලකරු ගල් පහරින් මරුට පසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් අතැයි කොහුවල පොලිසිය කියයි. 16 March 2025
තැනින් තැනට අද තද වැසි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 March 2025
ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි 15 March 2025
කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. 15 March 2025
අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. 15 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025