විදුලි සැරවැදී තරුණයා මරුට පුත්තලම තුනේ කණුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු විදුලි සැර වැදී අද(18) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 18 March 2025
භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනකු මේ වනවිට එම උපවාසයට එක් වී සිටින බවත් වාර්තා වේ. 18 March 2025
බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජනාධිපති සමාව දීම, බල රහිත කිරිමට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. 18 March 2025
වන අලියා දෙදරු මවට මරු කැඳවයි මින්නේරිය , මිනිහිරිගම කඩ කාමරයක බිත්තියක් වන අලියකු පෙරැළීමෙන් කඩකාමරයේ නිදා සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 18 March 2025
ජනපති කාර්යාලයේ ගුවන් හමුදා රියක පුපුරණ ද්‍රව්‍ය ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි. 18 March 2025
කෝටි 12 ක සිගරැට් රේගු දැලේ නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 18 March 2025
පළාත් තුනකට තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 March 2025
අධිකරණයෙන් පොලිසියට දොස් අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස්. එස්. සපුවිද මහතා සාක්ෂිකාර පොලිස් නිලධාරියකුට වරෙන්තු කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම අද(17) ප්‍රතික්ෂේප කළේය. 17 March 2025
ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් දෙකකට තුවාල කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය. 17 March 2025
චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැළසුම් වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය. 17 March 2025
විමල් පුංචි ඡන්දෙට එන හැටි කියයි ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 17 March 2025
දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංඟසිංහ මහතා (17) නියම කළේය. 17 March 2025
ආශා බස්නායකට වරෙන්තු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටි ආශා බස්නායකට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය. 17 March 2025
දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි . 17 March 2025
’’මහින්ද එළියට දාගන්න බැරි වූ නිසා දැන් බටලන්දක් ඇදගෙන’’ මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 March 2025
ව්‍යාපාරික යුවළ කුෂ් සමග මාට්ටු රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 17 March 2025
රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
අකුණ තිදෙනකු රෝහලට යවයි හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ නුග ගසකට අද පස්වරුවේ අකුණු සැර වැදිමත් සමග එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 17 March 2025
හිටපු ඇමැති මර්වින් යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ඇමැතිවරයකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා මේ මස 24 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද පස්වරුවේ නියම කළාය. 17 March 2025
සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 17 March 2025
සංජීවගේ ආරක්ෂාවට සිටි ජේලර් රාජකාරි පැහැර හැරි යැයි රිමාන්ඩ් කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී වෙඩි වැදීමිය ගිය පාතාලි කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව බාරව පැමිණි බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (17) නියෝග කළේය. 17 March 2025
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 17 March 2025
බදුල්ලේ පවුල් 4034ක් මරු කටේ බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 4034 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 March 2025
අ‘පුර අපයෝජකයාගේ හඳුනා ගැනීම කල් යයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද දින පැවැත්වීමට නියමිතව තිබුණද පැමිණිලිකාර වෛද්‍යවරිය නොපැමිණීම නිසා එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මේ මස 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 17 March 2025
E-8 රැකියා වංචාකරුවෙක් අත්අඩංගුවට දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 17 March 2025
මිදිගම වෙඩි තැබීමට තිදෙනකු අත්අඩංගුවට වැලිගම ,බටවල , මිදිගම ,පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද(17) අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි . 17 March 2025
වෛද්‍යවරියගේ සොරා ගත් දුරකථනය සොයාගනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සැකකරු විසින් කොල්ලකන ලද ’අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයා ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 17 March 2025
පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. 17 March 2025
හුලංගල කන්දෙන් පහළට වැටී තරුණයෙක් මරුට මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි. 17 March 2025
උඩවලවේ දිනක ආදායම කෝටියක් උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025