(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් බාර ගත්තේ පෝලිම් තිබූ රටක් යැයි කියා ජනතාවගේ සමච්චලයට ලක් නොවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය.
"76 වසරක කාරණාව සම්බන්ධයෙන් ඇමතිවරු වගේම මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් දිගින් දිගටම කියවනවා.දැන් 77 වෙනි අවුරුද්ද ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?ඔබලා දේශපාලන ජීවිතය පටන් ගත්ත දා ඉඳලම කතා කළේ පෙර කිව්ව කාරණය ගැන.එදා විපක්ෂයේ ඉඳගෙන නොයෙක් විවේචන ඉදිරිපත් කළා.ඒ අය රට බාර ගනිද්දී තෙල් පෝලිම් ගෑස් පෝලිම් තිබුණ බව ආණ්ඩුවේ උදවිය පාර්ලිමේන්තුව අමතමින් කිව්වා.මේ කතාව ඇත්තද? තමුන්නාන්සේලා ජනතාවගේ බුද්ධියට සමච්චල් කරනවද?මේක බොරුවෙන් යන්න පුළුවන් කාරණයක් නෙවෙයි.ආණ්ඩුවේ ඉන්න මහාචාර්ය ඇමතිලා පවා මේ කාරණය කියනවා.කැබිනට් ඇමතිවරයෙක් විහිළුවට සමච්චලයට ලක් වෙන්න නරකයි.
තමුන්නාන්සේලා බාර ගත්තෙ එක ස්ථාවරත්වයකට ඇවිත් තිබූ රටක්. අප ඒක පිළිගන්නන ඕන. දැන් ඔබලා වැඩ කරන්නේ ඔබලාට ඡන්දය දුන් ජනතාවගේ ගෞරවය රැකෙන විදියටදැයි අලවතුවල මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට කියන්න දෙයක් නෑ වගේ. කියන කිසිම දෙයක හරයක් නැහැ. පෝලිම් තිබුණු රටක් භාරගත්තා කියලා විහිළුවට පත් වෙන්න එපාලු . අධ්‍යාපන ඇමතිණිය කියනවා වගේ, නූගත්කම තමයි අපේ රටේ ප්‍රධානම ප්රශ්නය.”
ඕගොල්ලන්ගෙ හීනමානය ම තමයි ඹ්ගොල්ලන්ට වලකැපෙන්න හේතුව. අපිව පාලනය කරන්න ඔයාල වගේ බාල මිනිස්සු හරියන්නෙ නෑ..
ස. ජ. බ. ඉන්න තරමක් ඉන්නෙ මුල් ළමාවිය සංවර්ධන නොවුණ මොංගල් ඩයල්, ඊළග ආත්මයේ වත් උබලට නම් ආණ්ඩු පිහිටුවන්න ලැබෙන්නේ නැහැ.
මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ රටට කරපු විනාසේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම විනාස කරලා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු උන් ගැන කවර කතාද? රටටම විහිලු සපයන තමුන්ගේ නායකයා ළාමක ටින් ටින් ගැනත් ඔය ටිකම තමා කියන්ඩ තියෙන්නේ.