(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව ඇත.
ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් කාරක සභාව දැනුවත් කර ඇත.
තවද අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙනීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිත කරනු ලබන නිර්ණායක පිළිබඳවද කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එම නිර්ණායක මත අදාළ ප්‍රතිලාභ ලබා දීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරා ගැනීමේදී ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී ඇති ආකාරය පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරුන් නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන නිර්ණායක තිබුනත් වැඩකරන වයසේ ජනතාවට නිකම්ම සල්ලි බෙදීම නවත්තන්න ඕන නේද. එදිනෙදා සාමාන්‍ය වැඩවල යෙදී දිනකට රුපියල් දෙදහස් සිට හාරදහස දක්වා ආදායම ලැබූ බොහෝ අය අද නිකම්ම ඉන්නව. අනික දිනකට පන්දහස උපයන මේසන් සහ අත්උදව්කරුවන් වැනි අය අස්වැසුම ගන්නව. මොන නිර්ණායක තිබුනත් තෝරන නිලධාරීන් අභිමතය මත කටයුතුවල යෙදෙන බව පේනව.
ලංකා ආණ්ඩුවල සැලසුම් කරන හැම වැඩක්ම හිල් මේවාව කවදාවත් වහන හිල් නම් නෙමෙයි. නිතිය ගැන කතා කළත් එච්චරයි..
අපේ ගමේ කෝටිපති ධනවත්ම පුද්ගලයින්ට අස්වැසුම තියනවා මේ ගැන හොයලා බලන්න 563 පල්ලේයාය ග්‍රාමසේවා වසම රීදිගම ප්‍රාදේශීය සභාව කුරුණෑගල